[vc_row][vc_column][vc_column_text]මාර්තු මාසයේ කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නවතා තිබූ කණ්ඩායම් 14 කින් යුත් මේජර් ලීග් Tier ‘ඒ’ තරගාවලිය දැන් ප්‍රිමියර් සුපර් 8 ලෙස නැවත ආරම්භ වීමට නියමතය.
සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව තරගය නැවත ආරම්භ කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය කොළ එළියක් ලබා දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙක් තහවුරු කළේය.
Tier ‘ඒ’ තරඟයේ A සහ B කාණ්ඩයේ ඉහළම කණ්ඩායම් හතර සුපර් 8 කාණ්ඩයට ක්‍රීඩා කරන අතර ඉතිරි කණ්ඩායම් හය ප්ලේට් ගෞරව සඳහා තරඟ වදිති.වත්මන් ශූරයන් වන කොළඹ ක්‍රිකට් සමාජය (සී.සී.සී.) කණ්ඩායම ගියවර ශූරතාවය රඳවා ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙවර තරගාවලියේත් ඉදිරියෙන්ම සිටන කණ්ඩායම බවට කැපිපෙනෙ.
සාමාන්‍යයෙන් සුපර් 8 දින හතරක තරග ලෙස ක්‍රීඩා කරන නමුත් වර්තමාන තත්ත්වය හේතුවෙන් මෙම සුපර් 8 තරඟ දින තුනක තරඟ ලෙස ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් (එස්එල්සී) තරඟ කමිටුව තීරණය කර තිබේ.
ප්‍රිමියර් සුපර් 8 තරඟාවලිය කොවිඩ් -19 වසංගතයට එරෙහිව සටන් කිරීමෙන් පසු දිවයිනේ පැවැත්වෙන පළමු ප්‍රධාන ක්‍රීඩා තරගාවලිය වේ. ජාතික කණ්ඩායම සඳහා ජාත්‍යන්තර තරග නොමැති බැවින්, සියලුම ජාත්‍යන්තර තරු ඔවුන්ගේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.[/vc_column_text][/vc_column][/vc_row]