ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම තවත් පරාජයකින් අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]ආසියානු කුසලාන නැගි එන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර අද පැවති තරඟයද ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7කින් පරාජයට පත්විය.

මෙම පරාජයත් සමඟින් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායමේ බංගලාදේශ ක්‍රිකට් සංචාරය සංචාරකට පමණක් සීමා වූයේ සහභාගි වූ තරග තුනම පරාජයට පත්වෙමිනි.ගියවර ශූරයන් ලෙස තරගාවලියට එක්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස තරඟ තුනම පරාජයට පත්වීම වඩාත් කැපී පෙනුණි..මෙම පරාජයන් අතර ඕමානය ඉදිරියේ පරාජය වීම අවමන් සහගත පරාජයක් ලෙස හැඳින්විය හැක.

අද තරගයේදී කාසියේ වාසිය දිනු ඇෆ්ගනිස්ථාන නායක ශින්වාරි ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකාව වෙත ලබාදීමට කටයුතු කරන ලදි. ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය යහපත් නොවුණේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක ලකුණු නොලබා දැවී යාම හේතුවෙනි. ඉන් අනතුරුව මිනෝද් භානුක ලබාගත් ලකුණු හතළිස් දෙකත් සමගින් ශ්‍රී ලංකා ළකුණු පුවරුව ලකුණු 87 ට කඩුලු 3ක් ලෙස දිස්විය. අනතුරුව පිටියට එක්වූ නායක චරිත් අසලංක හා කමිදු මෙන්ඩිස් සිව්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සම්බන්ධතාවයක් පවත්වමින් ශ්‍රී ලංකා ඉනිම ස්ථාවර කරන ලදී. මෙහිදී කමිඳු මෙන්ඩිස් ලකුණු 63 ක් ලබාගත් අතර නායකත්වයේ විශිෂ්ට ඉනිමක් දියත් කළ චරිත් අසලංක පන්දු 115 කදී ලකුණු 100 ක් ලබා ගැනීමට සමත් විය. කෙසේ නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 6 ලකුණු 36ක් තුළ බිඳවැටුණු අතර ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.5කදී ඒ සියල්ලන් දැවී ලකුණු 238 ක් පමණක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී වෙන ස්ථානය වෙනුවෙන් අස්මතුල්ලා හා අබ්දුල් වාසි කඩුලු 3ක් බිඳ හෙලන ලදි.

ලකුණු 239 කජයග්‍රහි ඉලක්කයක් වෙනුවෙන් පිළිතුරු ඉනිම ආරම්භ කළ ඇෆ්ගනිස්ථාන ආරම්භක පිතිකරු යුගල පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 99ක සම්බන්ධතාවක් පිහිටවන ලදී.අනතුරුව තෙවන කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු ලකුණු 119ක සම්බන්ධතාවයක් එක්කල ශහිදුල්ලා හා රාසෝලි ඇෆ්ගනිස්ථානයෙන් ජයග්‍රහණය වෙත රැගෙන යාමට සමත් විය.මෙහිදී රාසෝලි ළකුණු 61ක් ලබා ගැනීමට සමත්විය. පන්දුවාර 44.5ක් අවසානයේදී කඩුලු 3ක් දැවී ජයග්‍රහණය ලබා ගන්නා විට නොදැවී ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු ශහිදුල්ලා විශිෂ්ඨ ඉනීමක් ක්‍රීඩා කරමින් 102ක් ලබා ගැනීමට සමත් විය.පන්දු යැවීමේදී නැවතත් දස්කම් දැක්වූ චරිත් අසලංක කඩුලු එකක් හා කලණ පෙරේරා කඩුලු එකක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාව 238 (49.5) අසලංක 100 , කමිදු 63 අස්මතුල්ලා 3 – 36 අබ්දුල්ලා 3 – 50

ඇෆ්ගනිස්තානය 242 – 3 (44.5) ශහිදුල්ලා 102 , රාසෝලි 61 කළණ 1 – 30 අසලංක 1 – 34

-චානා[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top