[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව ,පකිස්ථානය, බංගලාදේශය හා ඉන්දියාව යන රටවල නැගී එන කාන්තා කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැවැත්වෙන ආසියානු කාන්තා නැගී එන තරඟාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය ප්‍රකාශයට පත් කොට තිබෙනවා.
තරගාවලිය ඔක්තෝම්බර් මස 22 වනදා සිට 27 වනදා දක්වා කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය හා තර්ස්ටන් විදුහල් ක්‍රීඩාංගණය කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරඟය කොළඹ ඛෙත්තාරාම ක්‍රීඩාංගණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම නම් කලද එහි නායිකාව කවුරුන්ද යන්න සඳහන් කොට නැති නමුත් බොහෝ විට නායිකාව ලෙස හර්ෂිතා මාධවී කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.
තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම හා තරගාවලියේ කාලසටහන පහත පරිදි වේ.
ශ්‍රී ලංකා නැගී එන කාන්තා කණ්ඩායම – හර්ෂිතා මාධවී , හසිනි පෙරේරා , ඉමල්කා මෙන්ඩිස් , මධුෂිකා මෙත්තානන්ද , මල්ශා ෂෙහානි , ලිහිණි අප්සරා , කවීෂා දිල්හාරි , ඉමේෂා තිමාෂිනී , සත්‍යා සන්දීපනි , ජිමන්ජලී විජයනායක , සචිනි නිසංසලා , තාරිකා සෙව්වන්දි , ශිකාරි නුවන්තා , නිලක්ශනා සදමිනී , ශ්‍යානි ඕෂධී.[/vc_column_text][/vc_column][/vc_row]