ශ්‍රී ලංකා පාපන්දුවට සුභදායී ආරංචියක්

[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකා පාපන්දු වෙත පනවා තිබූ FIFA තහනම ඉවත් කොට ඇති බව ක්රීඩා අමාත්යාංශය නිවේදනය කොට ඇත. ක්රීඩා අමාත්යවරයාගේ හා අදාල පාර්ශවයන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරුනු සාකච්ඡා වල ප්රතිඵලයක් ලෙසින් මෙරටට පනවා තිබූ FIFA තහනම ඉවත් කොට ඇත.

ඒ අනුව එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ආසියානු කලාපයේ සුදුසුකම් ලැබීමේ තරගාවලිය ද ඇතුළුව ඉදිරියේ දී පැවැත්වෙන සියලුම ජාත්යන්තර තරග ඉසව් සදහා සහභාගී වීමට ශ්රී ලංකාවට ඉඩකඩ ලැබෙනු ඇත. රජයේ මැදිහත්වීම් හේතුවෙන් ශ්රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවීමට FIFA කවුන්සිලයේ කාර්යාංශය පසුගිය ජනවාරි මසදී තීරණය කළේය.

ඒ 2023 ජනවාරි 14 වන දින නව FFSL විධායක කමිටුවක් සඳහා නිලවරණය පැවැත් වූ අවස්ථා FIFA ප්රඥප්තිවලට පටහැනිව යමින් තෙවන පාර්ශවයක් විසින් අනවශ්ය ඇඟිලි ගැසීම් සිදු කළ බවට එල්ල වූ චෝදනා හමුවේයි.

-චතුර රාමනායක-[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top