[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මිකී ආතර් එළඹෙන සතියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් හා ගිවිසුම් ගත වනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග අනාවරණය කරයි.
එසේම පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින්ද අනුමත කළ ශේන් මැක්ඩර්මත් මේ වන විටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමගින් එක්වී ඇතැයි ආරංචි මාර්ග අනාවරණය කරයි.
එසේම වේග පන්දු යවන පුහුණුකරු ලෙස බ්‍රෙට් ලී එක්වන බවට රාවයක් පැතිර ගියද ඔහුගේ කොන්ත්‍රාත් මුදල ඉහළ අගයක පැවතීම නිසා බොහෝ විට ඔහු වෙනුවට හිටපු එංගලන්ත හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම් වල වේග පන්දු පුහුණුකරුවකු ලෙස ක්‍රියා කළ ඩේවිඩ් සකාර් පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ..
එසේම මේ වන විට හිස්ව පවතින පිතිකරණ පුහුණුකාරධූරය සඳහා ග්‍රාන්ට් ෆ්ලවර් පත්කිරීමට යෝජනා වී ඇතැයි සදහන් වේ.
මෙම පත්වීම් නුදුරු දිනයකදීම සිදු වනු ඇති අතර මිකී ආතර් බොහෝවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිථානය සංචාරයේදී උපදේශකයෙකු ලෙස එක්වනු ඇති බවට ආරංචි මාර්ග සදහන් කරයි.
මේ අනුව
ප්‍රධාන පුහුණුකරු – මිකී ආට්ගර්
පන්දු යැවීමේ පුහුණුකරු – ඩේවිඩ් සකාර්
පිතිකරණ පුහුණුකරු – ග්‍රාන්ට් ෆ්ලවර්
පන්දු රැකීමේ පුහුණුකරු – ශේන් මැක්ඩර්මත්
– චානා-[/vc_column_text][/vc_column][/vc_row]