ශ්‍රී ලංකා පොඩ්ඩෝ ලෝක කුසලානයට පෙර කොදෙව් දූපත් වෙතට

[vc_row][vc_column][vc_column_text]ලංකාව වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ අසාර්ථක බංගලාදේශ තරග සංචාරයෙන් පසුව මේ මස 29 වනදා ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම කොදෙව් දූපත් බලා තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් පියාසර කිරීමට නියමිතය. ශ්‍රී ලංකාව සමගින් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම තරගාවලියට එක්වීමට නියමිතය.

තරඟාවලිය දෙසැම්බර් මස 6 වනදා සිට 21 වනදා දක්වා කොදෙව් දූපත්හි ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ කූලිජ් යන ක්‍රීඩාංගණ දෙක කේන්ද්‍රකොට ගෙන පැවැත්වීමට නියමිත අතර අවසන් මහා තරගය පැවැත්වෙන්නේ කුල්ජි ක්‍රීඩාංගණයේදීය.

ලබන වසර මුලදී දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ලැබුණු මෙම තරඟාවලිය කණ්ඩායම් තුනටම ලැබුණු මහඟු අවස්ථාවක් වනු ඇත.

තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය ලෙස ශ්‍රී ලංකා පිල එංගලන්තය සමඟ ක්‍රීඩා කිරීමට නියමිතය.

තරගාවලියට පෙර ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම ඇන්ටිගුවා XI කණ්ඩායම සමගින් දෙසැම්බර් මස 03 වැනිදා පුහුණු තරගයකට සහභාගිවීමටද නියමිතය.

අවසන්ත තරඟය ද ඇතුළුව සමස්ථ තරග 10 කින් සමන්විත මෙම තරගාවලියේ මූලික වටයේදී සෑම කණ්ඩායමක්ම එකිනෙකා හා අවස්ථා තුනකදී මුණ ගැසෙන අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට තරග 6ක් අනිවාරෙන්ම ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිවනු ඇත.

-චානා-

තරග කාල සටහන

දෙසැම්බර් 03 ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇන්ටිගුවා xi අතර පෙරහුරු තරඟය

දිනය                          තරගය                                           ක්‍රීඩාංගණය
දෙසැම්බර් 06      ශ්‍රී ලංකාව සහ එංගලන්තය                      ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 07      ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්      ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 09      බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය   ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 10      ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්      ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 12      ශ්‍රී ලංකාව සහ එංගලන්තය                      ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස්
දෙසැම්බර් 13      බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය             කූලිජ්
දෙසැම්බර් 15      ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව්                කූලිජ්
දෙසැම්බර් 17      ශ්‍රී ලංකාව සහ එංගලන්තය                                කූලිජ්
දෙසැම්බර් 19      බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය             කූලිජ්
දෙසැම්බර් 21        අවසන් මහ තරගය                                        කූලිජ්[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top