[vc_row][vc_column][vc_column_text]මෙරට ඉතිහාසයේ ඔලිපික් පදක්කම් දෙකක් හා වැඩිම ආසියානු, පොදුරාජ්‍ය මණ්ඩලයීය, මෙන්ම දකුණු ආසියානු පදක්කම් දිනා ගත්/දිනාදුන් මලල ක්‍රීඩාවට ඉදිරියේදී සාධනීය ආරක්ෂා වෙනු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනය හා දක්ෂතාවන්ට වටිනාකමක් ලබාදීමට මෙන්ම මලල ක්‍රීඩාව වෘත්තීය මට්ටමට ගෙන ඒමේ අරමුණින් මෙම එකමුතුව ආරම්භ විය.
එසේම ක්‍රීඩා කරන අවධියෙන් අනතුරුව වෘත්තීමය වටිනාකමක් ලබා දීමටත්, ඔවුනගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම ඇතුළු අරමුණු ගණනාවක් පදනම් කරගනිමින් මෙරට ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් සැදුම්ලත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩික ක්‍රීඩිකාවන්ගේ එකමුතුව ( SRI LANKA TRACK AND FIELD ATHLETES WING) ඊයේ (23) පිහිටුවා ගැනිණි.
කෙටිදුර ධාවන ඉසව් හරහා ජාතික කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර පදක්කම් දිනා දී අනතුරුව යගුලිය විසි කිරීමේ ඉසව්ව තෝරා ගනිමින් ශ්‍රී ලංකාව නියෝජනය කල ජෝයි දනුෂ්ක පෙරේරා මෙම එකමුතුවේ සභාපතිත්වයේ කටයුතු කරයි. යොවුන් පොදුරද මඩුලු වේගවත්ම ක්‍රීඩකයා මෙන්ම දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයෙකුවූ පසුගිය වසරේ ක්‍රීඩාවෙන් සමුගත් ෂෙහාන් අඹේපිටිය එහි ලේකම්ධූරය දරයි.
ජාතික තලයේ සියලුම ක්‍රීඩකයන් නියෝජනය වන සේ ආරම්භ වූ මෙම එකමුතුව හා එක් වීමට සියලුම ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අරාධනය කර සිටියි.ජාතික මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සුබසාදනයට, ජාතික වාර්තාවකට මුල්‍යමය වටිනාකමක් ලබාදීම, ඔලිම්පික් පරිසාදන මට්ටම සපුරන හ ක්‍රීඩිකාවන් හට මුල්‍යමය වටිනාකමක් ලබාදීම, ජාතික ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ලැබිය යුතු ප්‍රචාරණය හා සුරක්ෂිතතාව සහතික කිරීම, මෙන්ම නැගී එන කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අභිවෘදධිය වෙනුවෙන් කටයුතු කිරීම ප්රමුඛ වේ.
ඊට අමතරව සහෘද්දයින් ලෙස අවමංගල්යාකදී හෝ වෙනයම් ව්‍යසනයකදී ආධාර උපකාර කිරීම ප්‍රමුඛතාවක් ලෙස දැක්විය හැක.මලල ක්‍රීඩාකයා හෝ ක්‍රීඩිකාව තව දුරටත් තනිවන්නට ඉඩ නොලැබෙනු ඇත.
සංසදයේ නිළධාරී මණ්ඩලය හා කමිටු සාමාජිකයින්
සභාපති
ජෝයි ධනුෂ්ක පෙරේරා
ලේකම්
ෂෙහාන් අඹේපිටිය
භාණ්ඩාගාරික
ධනුක ලියනපතිරණ
ප්‍රධාන සංවිධායක
අරවින්ද සමරනායක
උප සභාපති
සුමේධ රණසිංහ
වරුණ ලක්ෂාන්
උප ලේකම්
ඉරේෂානි රාජසිංහ
උප භාණ්ඩාගාරික
අංජනී පූල්වන්ස
ගණන් පරීක්ෂක
සලින්ද රන්දිව්
කාරක සභාව
හිමාෂ ඒෂාන්
සංජය ජයසිංහ
දුලාංජලී රණසිංහ
කුපුන් කුෂාන්
තාරිකා ප්‍රනාන්දු
ලක්ෂානී සුගන්ධී
දිලිප් රුවන්
සිසිර කුමාර
ඉෂාරා මධුවන්ති
සෆ්රීන් අහමඩ්