[vc_row][vc_column][vc_column_text]
ඉන්දියාවේ පැවැත්වෙන 65 වන අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා දස දෙනෙකුගෙන් යුත් ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම අද පිටත්ව ගියා. ඔලිම්පික් පරිසාධන මට්ටම අසලම පසුවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුම මීට සහභාගී වන්නේ ජූනි මස 29 න් අවසන් වන ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ කාලය තුළ ඔවුන්ට ඇති අවසන් අවස්ථාව මෙය වීම හේතුවෙනි.
Ceylon Sports අනුබද්ධ “BELIEVE” ක්‍රීඩා ඇඟලුම් නිශ්පාදන මෙම මලල ක්‍රීඩා කණ්ඩායමට නිල ඇඟලුම ලෙස ලබා දුන් අතර මෙම කර්තව්‍යය ඉදිරියටත් සිදු කිරිමට Ceylon Sports කටයුතු කිරීමට නියමිතය. මෙම ප්රදානය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සභාපති මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු මහතා ද “Believe” ක්‍රීඩා ඇඟලුම් සන්නාමය වෙත සිය ස්තූතිය පුද කර සිටියේය.
මෙම කණ්ඩායමට ඔලිම්පික් ශ්‍රේණිගත කිරීමේ සීමාවට ආසන්න ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු, ඔලිම්පික් සීමාව තුළ සිටින නිලානි රත්නායක සහ මීටර 4×100 කාන්තා සහය දිවීමේ කණ්ඩායම ද ඇතුළත්වේ. එසේම මෑත ඉතිහාසයේ විදෙස් සංචාර සඳහා අවස්ථාව හිමි නොවූ කාන්තා මීටර් 100 සහාය දිවීමේ කණ්ඩායම ද ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා මීටර් 100 කාන්තා සහාය දිවීමේ කණ්ඩායමක් දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට අමතරව විදෙස් සංචාරයකට සහභාගීවන්නේ වසර ගණනාවකින් වීම විශේෂත්වයක් වේ.
පසුගිය දා පැවති ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්වේ පළමු ස්ථාන පහ හිමිකරගත් පිළිවෙලින් අමාෂා ද සිල්වා, ෂෙලින්ඩා ජැන්සන්, මේධානි ජයමාන්න, සෆියා යමික් හා ලක්ෂිකා සුගන්ධි මෙම කණ්ඩායමට ඇතුළත් වන අතර සුගන්ධී ක්‍රීඩිකාව හැර සෙසු සියලුම ක්‍රීඩිකාවන් වයස අවුරුදු 21ට අඩු යොවුන් ක්‍රීඩිකාවන් වේ.දකුණු ආසියාවේ ප්‍රභල කණ්ඩායමක් වන ඉන්දියානු මීටර් 100 කාන්තා සහාය දිවීමේ කණ්ඩායම සමගින් තරග වැදීම මෙම යොවුන් කණ්ඩායමට විශාල අත්දැකීමක් වනු ඇත.
ඉදිරියේ දී නිල වශයෙන් හඳුන්වා දීමට නියමිත දේශිය ක්‍රීඩා ඇඟලුම් සන්නාමයක් වන ” BELIEVE”, Ceylon Sports අනුබද්ධිතව ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ පළමු වරට ජාත්‍යන්තර විලාසිතා මෙරටට හඳුන්වා දීමට පෙරමුණ ගැනීමට “BELIEVE” සන්නාමය සමත් වී තිබේ. ජාත්‍යන්තර තරගවලදී දක්නට ලැබෙන ප්රමුඛ විලාසිතා වන Two pieces kits, Running one piece kits, Stylish calf wraps , Headband , Warm up wear ඇතුළු නිමැවුම් රැසක් මීට ඇතුළත්ය.
ධාවන ඉසව්, පැනීමේ ඉසව් හා විසි කිරීමේ ඉසව් කාණ්ඩ ත්‍රිත්වය යටතේම එක් එක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගේ හිතැඟි පරිදි ජාත්‍යන්තර ප්‍රමිතියට හා විශේෂඥ උපදෙස් අනුව මෙම ක්‍රීඩා ඇඟලුම් නිශ්පාදන වෙළඳ පොළට නිකුත් කිරීමට නියමිතය. මේ වසරේ දී පැවති ජාතික ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය ඇතුලු තරගාවලි සඳහා සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ධාවන ඇඳුම් කට්ටල ලබා දීමට Believe by Ceylon Sports කටයුතු කළ අතර එහිදී ලැබුණු ප්‍රතිචාර අනුව ගුණාත්මක බවෙන් ඉහළ නිශ්පාදන නිම කිරීමට නියමිතවෙි. එසේම ජාතික කණ්ඩායම ඉදිරියේ දී සහභාගීවීමට නියමිත ප්‍රධාන පෙලේ තරගාවලි සඳහාද නිළ ඇඟලුම් සැපයීමට BELIEVE by Ceylon Sports බලාපොරොත්තුවෙන් පසුවේ.
ජාතික කණ්ඩායම මෙම වසරේ හා ලබන වසරේ ලෝක ශූරතා කණිෂ්ට මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය, ආසියානු ක්‍රීඩා උළෙල වැනි ජාත්‍යන්තර තරග සඳහා සහභාගී වීමට නියමිතය.මෙරට මලල ක්‍රීඩාවට නව පැහැයක් ලබා දෙමින් ජාත්‍යන්තර අත්දැකීම් මෙරට ක්‍රීඩා ලෝලීන්ටද ලබා දීමට පුරෝගාමි මෙහෙවරක් කරමින්, ලෙස සියළුම ජාතික හා ප්‍රධාන ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි ඇඟිලි තුඩු වෙත ගෙන ඒමට Ceylon Sports සහ Ceylon Athletics කටයුතු කළහ.
සජීව විකාශනයන්, ඒ ඒ ඉසව්වල වීඩියෝ, ඡායාරූප හා අද්විතීය අසමසම ක්‍රීඩා වාර්තාකරණය හේතුවෙන් Ceylon Sports සහ Ceylon Athletics ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලින්ගේ ද ප්‍රසාදය දිනාගැනීමට සමත් විය. ඒ අතරතුර ප්‍රධාන ගෝලීය වෙළඳ සන්නාම සඳහා විශාල මුදලක් ගෙවීම හැරුණු විට, සහනදායි මිලකට ඉහළ තාක්ෂණයෙන් යුත් ජාත්‍යන්තර විලාසිතාවේ ධාවන ක්‍රීඩා ඇඟලුම් ලබා ගැනීමට මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ට ඇති අවස්ථාවක් අවම වීම මෙන්ම අධික මිළ සැලකිල්ලට ගනිමින් “BELIEVE” සන්නාමය බිහිවිය.
දේශීය වෙළඳපල තුළ එම අවශ්‍යතාවය සපුරාලීම සඳහා නිර්මාණය වූ ‘Believe’ නිමැවුම් ලබාගැනීම ඉදිරියේදී අන්තර්ජාලය හරහා ද සිදුකළ හැකිය. එහිදී ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශේෂ වට්ටම් හිමිවන අතර සමස්ත ආදායමෙන් 5% ක් අරමුදලක් ලෙස පවත්වා ගනිමින් අඩු වරප්‍රසාද ලාභි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උපකාර කිරීම සඳහා භාවිතා කරන බව Believe කළමණාකාරිත්වය සඳහන් කරයි.
[/vc_column_text][/vc_column][/vc_row]