[vc_row][vc_column][vc_column_text]26වන ආසියානු මේසපන්දු තරගාවලිය සැප්තැම්බර් මස 3 වනදා සිට 10 වනදා දක්වා දකුණු කොරියාවේ Pyeongchang හිදී පැවැත්වෙයි. මෙම තරගාවලිය 2024 පැරිස් ඔලිම්පික් උළෙල සදහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය සදහා එක්වන ශ්‍රී ලංකා කණ්ඩායම අද දිනයේදී තරග බිමට පිවිසීමට නියමිතය
මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට අංක එකේ මේසපන්දු ක්‍රීඩකයා වන ප්‍රසාද් ද සිල්වා හා ජාතික ශූරිය වන හිල්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩිකා බිමන්දි බණ්ඩාර ඇතුලත්ය. මෙම කණ්ඩායමට ඇතුලත් ලාබාලම ක්‍රීඩිකාව වනුයේ ද බිමන්දි බණ්ඩාරයි.
ක්‍රීඩකයන් සිව්දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමට අත්දැකීම් බහුල දිනේෂ් දේශප්‍රිය ද ඇතුලත්ය. ඔහු ජාතික පැරාඔලිම්පික් කණ්ඩායමේද සාමාජිකයෙකි. තව ද ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ ඉගෙනුම ලබන විරුනක හෙන්දහේවා හා සබරගමුව විශ්ව විද්‍යාලයීය ක්‍රීඩක නුවතත ඉරෝෂන මෙවර ආසියානු තරගාවලිය වෙනුවෙන් ලක්මාතාව නියෝජනය කරයි. ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කේවල හා යුගල තරග ඉසව් වෙනුවෙන් මෙවර ක්‍රීඩා කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා පිරිමි මේස පන්දු කණ්ඩායම අද දිනයේදී තරග බිමට පිවිසීමට නියමිතය. ඔවුන් අද දිනයේදී මොන්ගෝලියාවට හා හොංකොං යන රටවල් වලට එරෙහිව මූලික වටය වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත. එමෙන්ම ශ්‍රී කාන්තා කණ්ඩායම ද අද දිනයේදී පිලිපීනය හා උස්බෙකිස්තානයට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]