ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම බංගලාදේශයේ තරඟාවලියකට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම හා බංගලාදේශ වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම අතර සිව් දින තරඟ දෙකක් හා යොවුන් එක්දින තරඟ 5ක් එළැඹෙන ඔක්තෝබර් මස 26 වනදායින් ආරම්භ වීමට නියමිතය.

තරගාවලියට නම් කරන ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල යොවුන් පිතිකරු කමිල් මිශාරගේ සේවය අහිමි වී ඇති නමුත් ලසිත් මාලිංගගේ ඉරියව්වෙන් පන්දු යවන ක්‍රීඩකයකු වන මතීෂ පතිරණ ශ්‍රී ලංකා වයස වයස අවුරුදු දහ නවයෙන් පහළ කණ්ඩායමට එකතු වී ඇත.මේ දිනවල පැවැත්වෙන වෙළෙඳ සේවා ක්‍රිකට් තරගාවලියේ දී පෙරළිකාර තරඟ රටාව රටාවක නිරත වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම පිළිබඳව සුභවාදී බලාපොරොත්තු බංගලාදේශ තරග සංචාරය තුළ ඇතිකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට හැකියාවක් ලැබෙනු ඇත.

සුපුරුදු පරිදි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය නිපුන් ධනංජය විසින් දරන අතර කණ්ඩායම සඳහා නව කඩුලු රකින්නන් එකතු වී ඇත..

තරගාවලියට තරග වදින ශ්‍රී ලංකාවේ ඔවුන් සංචිතය හා තරග කාලසටහන පහතින්.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ටෙස්ට් සංචිතය

නිපුන් ධනංජය (නායක)
අහන් වික්‍රමසිංහ
අභිශේක් කහදුවාආරච්චි
රවිඳු රසන්ත
සොනාල් දිනූෂ්
චිහාන් කළිදු (කඩුලු රකින්නා)
කවිශ්ක ගමගේ
දුනිත් වෙල්ලාලගේ
රවීන් ද සිල්වා
අවිශ්ක ලක්ෂාන්
ඩිල්ශාන් මධුසංඛ
චමිදු පියුමාල්
රුවින් පීරිස්
අම්ශි ද සිල්වා
අවිශ්ක පෙරේරා (කඩුලු රකින්නා )
මතීෂ පතිරණ

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ එක්දින සංචිතය

නවෝද් පරණවිතාන
මොහොමඩ් ශමීස් ( කඩුලු රකින්නා )
අභිෂේක් කහදුවාරච්චි
රවිඳු රසන්ත
නිපුන් ධනංජය (නායක)
අවිශ්ක තරිඳු
චමිදු පියුමාල්
රොහාන් සංජය
කවිදු නදීශාන්
යසිරු රුද්‍රිගෝ
ඩිල්ශාන් මධුසංඛ
චිහාන් කළිදු ( කඩුලු රකින්නා)
අමේශ් ද සිල්වා
සඳුන් මෙන්ඩිස්
සුධීර තිලකරත්න
සොනාල් දිනුෂ්

තරග කාල සටහන පහත පරිදි වේ

ඔක්තෝම්බර් 23, 2019 – කණ්ඩායම දිවයිනෙන් පිටත් වීම

ඔක්තෝම්බර් 26 සිට 29 – පළමු සිව් දින තරගය at ARSS, Barisal

නොවැම්බර් 02 සිට 05 – දෙවන සිව් දින තරගය at SANS, Khulna

නොවැම්බර් 9 – පළමු එක්දින තරගය , SANS, Khulna

නොවැම්බර් 11 – දෙවන එක්දින තරගය SANS, Khulna

නොවැම්බර් 14 – තුන්වන එක්දින , SANS, Khulna

නොවැම්බර් 17 – සිව්වන එක්දින තරගය , SANS, Khulna

නොවැම්බර් 19 – පස්වන එක්දින තරගය , SANS, Khulna

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top