ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් පළඝ අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස අවුරුදු 19 න් පහළ යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළඝ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට නිපුන ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබෙනවා. ඒ අවසන් පූර්ව තරගයේදී ස්කොට්ලන්තය පරාජය කරමින්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 277 ක් රැස් කළා. නායක නිපුන ධනංජය ලකුණු 66 යි. අශාන් වික්‍රමසිංහ ලකුණු 59 ක් රැස්කළ අතර නවෝද පරණවිතාන ලකුණු 54 යි. පන්දු යැවීමේදී චාලි පීට් සහ ජෙස්පර් ඩේවිඩ්සන් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

අනතුරුව තරගය ජය ගැනීම සදහා ස්කොට්ලන්ත කණ්ඩායමට පන්දු වාර 40 ක් තුල ලකුණු 247 ක ඉලක්කයක් හිමිව තිබුණා. නමුත් ඔවුන්ට පන්දු වා‌ර 40 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 149 ක් පමණයි. නායක එන්ගස් ගයි ලකුණු 33 ක් රැස් කළා.. පන්දු යැවීමේදී චමිදු විජේසිංහ කඩුලු 3 ක් බිද හෙලුවා.තරගයෙන් ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් ඩක්වත් සහ ලුවිස් න්‍යායට අනුව ජය ගත්තේ ලකුණු 97 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top