ශ්‍රී ලංකා යොවුන් පිළ පාකිස්තාන තරග සංචාරයකට එක්වෙයි.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඔක්තෝම්බර් 12 වැනිදා පකිස්තානය බලා පිටත්ව යාමට නියමිතය. ඒ පකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව එක් සිව්දින තරගයක් සහ එක්දින තරග පහකට සහභාගි වීමටය. තරග හයම ඔක්තෝබර් 15 සිට 31 දක්වා කරච්චිහි පිහිටි National Bank ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

සංචාරය ඔක්තෝබර් 15 දින සිට පැවැත්වෙන සිව්දින තරගයෙන් ආරම්භ වේ. එක්දින තරග පහ ඔක්තෝබර් 22 සිට 31 දක්වා පැවැත්වෙන අතර ඒවා දිවා තරග ලෙසින් පැවැත්වෙයි. 2024 ICC U19 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ICC නිර්ණායක අනුව, 2004 සැප්තැම්බර් 1 හෝ ඊට පසු උපන් ක්‍රීඩකයින් ඒ සදහා තෝරාගත යුතුය.

කාලසටහන:
ඔක්තෝබර් 12 – ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීම
ඔක්තෝබර් 15-18 – සිව්දින තරගය
ඔක්තෝබර් 22 – පළමු එක්දින තරගය
ඔක්තෝබර් 24 – දෙවන එක්දින තරගය
ඔක්තෝබර් 27 – තුන්වන එක්දින තරගය
ඔක්තෝබර් 29 – හතරවන එක්දින තරගය
31 ඔක්තෝබර් – පස්වන එක්දින තරගය
නොවැම්බර් 1 – ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වීම[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top