ශ්‍රී ලංකා යෞවනයන් සමගින් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට කමිල් මිශාර එක්වේ.

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාව බටහිර ඉන්දීය කොදෙව් දූපත් හා එංගලන්තය වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායම් සහභාගී වන තුන්කොන් ක්‍රිකට් තරගාවලියක් වෙනුවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අද රාත්‍රියේදී දිවයිනේන් පිටත්වීමට නියමිතය. තරඟාවලිය දෙසැම්බර් මස 6 වන දා සිට 21 වනදා දක්වා ඇන්ටිගුවාහීදී පැවැත්වීමට නියමිතය.

තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය 29 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව තිබුණද ක්‍රීඩකයන් හත් දෙනෙකුට පැන නැගුණු වීසා ගැටලුවක් හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන පමාවිය. අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල මැදිහ වීමෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට නැවතත් මෙලෙස තරඟාවලි සංචාරයට අවස්ථාව උදා විය.

පසුගිය දිනක විනය විරෝධී හැසිරීමක් හේතුවෙන් තරග තහනමකට ලක්ව සිටි ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩකයන් ත්‍රිත්වයක් වන කඩුලු රකින පිතිකරු කමිල් මිශාර , අහන් වික්‍රමසිංහ හා අශේන් ඩැනියල් යන ක්‍රීඩකයින් තිදෙනා නැවතත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම හා එක්ව තිබීම ශ්‍රී ලංකාවේ ශක්තිය වැඩි කිරීමට හේතුවක්ව ඇත. නමුත් පසුගියද පැවති පුහුණුවීම්වලදී ආබාධයට ලක්වූ වමතින් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ශාන් මධුසංඛ හට මෙම තරඟාවලිය අහිමි වී ඇති අතර ඔහු වෙනුවට නවීන් ප්‍රනාන්දු ශ්‍රි ලංකා සංචිතය එක්ව ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස හෂාන් තිලකරත්න මහතා කටයුතු කරන අතර ෆ්ර්වීස් මහරුෆ් මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරයි.

අවසන් වරට බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟ පැවති එක්දින තරග 5කින් සමන්විත තරගාවලිය 4-0ක් ලෙස දරුණු පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානට පෙර ලැබෙන මෙම තරගාවලිය ලෝක කුසලානය වෙනුවෙන් සූදානම් වීමට ලැබෙන මහඟු අවස්ථාවකි.

බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සදහා එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම

නිපුන් ධනංජය , කමිල් මිශාර , නවෝද් පරණවිතාන , අහන් වික්‍රමසිංහ , රවිදු ද සිල්වා , සොනාල් දිනූෂ , ලක්ශාන් ගමගේ, චමිදු විජේසිංහ , අශාන් ඩැනියෙල් , දිලුම් සුධීර , නවීන් ප්‍රනාන්දු , අමිෂි ද සිල්වා, යසිරු රුද්‍රිගු , කවිදු නදීශාන්

-චානක මධුසාගර -[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top