ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම හමුවේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායම පරාජයට

[vc_row][vc_column][vc_column_text]ලොව සුපිරිතම ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් නමින් 20 යි 20 ක්‍රිකට් තරගාවලියක් ඉන්දියාවේදී පැවැත්වෙනවා. එහිදී තරග වදින්නේ තම ජාතික කණ්ඩායම නියෝජනය කළ මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ක්‍රීඩකයින්. තරගාවලියේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම පළමු තරගයට සහභාගී වුණේ ඔස්ට්‍රේලියා ලෙජන්ඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ ටී එම් දිල්ශාන්.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ලෙජනඩ්ස් කණ්ඩායම පන්දු වාර 20 තුල කඩුලු 8 ක් දැවී ලකුණු 161 ක් රැස් කළා. රොමේෂ් කළුවිතාරණ ලකුණු 30 යි. චාමර කපුගෙදර ලකුණු 28 ක් සහ ෆර්වීස් මහරූෆ් නොදැවී ලකුණු 20 ක් රැස් කළා. පන්දු යැවීමේදී සාවියර් දෝර්ති, ජේසන් ක්‍රෙජ්සා සහ බ්‍රැඩ් හොජ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

පිලිතුරු ලෙස ඔස්ට්‍රේලියන් ලෙජන්ඩ්ස් කණ්ඩායම පන්දු වාර 19 යි පන්දු 5 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 154 ක් පමණයි. නේතන් රීඩන් පන්දු 53 කදී ලකුණු 96 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 9 ක් සහ 6 පහර 5 ක් ඇතුලත්. පන්දු යැවීමේදී ටී එම් දිල්ශාන් කඩුලු 3 ක් බිද හෙලුවා. රංගන හේරත් සහ ෆර්වීස් මහරූෆ් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා. තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 7 කින්. තරගයේ වීරයා ටී එම් දිල්ශාන්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top