[vc_row][vc_column][vc_column_text]ශ්රී ලංකාව , බටහිර ඉන්දීය කොදෙව් දූපත් කණ්ඩායම හා එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් වල සහභාගිත්වයෙන් බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි පැවැති තුන්කොන් ක්රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ ( බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි වේලාවින්) සමත්විය.
අවසන් මහා තරගයේදී ශ්රී ලංකා කණ්ඩායමේ ප්රතිවාදීන් බවට එංගලන්ත කණ්ඩායම පත්වූ අතර තරගයේ කාසියේ වාසිය දිනූ ශ්රී ලංකා නායක නිපුන් ධනංජය පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි.
ශ්රී ලංකා කණ්ඩායම එම තීරණයට සාධාරණයක් ඉෂ්ඨ කරමින් සිය පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9ක් දැවී ළකුණු 265ක් ලබාගැනීමට සමත්විය.
මෙහිදී ශ්රී ලංකා ආරම්භක පිතිකරු නවෝද් පරණවිතාන විශිෂ්ඨ ශතකයක් වාර්තා කරමින් ළකුණු 108ක් ලබාගත් අතර සහයක ආරම්භ පිතිකරු හා කඩුලු රකින ක්රීඩක කමිල් මිශාර ළකුණු 69ක් ලබා ගනිමින් ශ්රී ලංකා ජයග්රහණයේ පුරෝගාමීන් බවට පත්විය.
ළකුණු 266ක ජයග්රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගැනීමට හැකිවූයේ ළකුණු 188ක් පමණි.මෙහිදී ශ්රී ලංකාව වෙනුවෙන් කවිදු නදීශාන් ළකුණු 43කට කඩුලු 3ක් බිද හෙළන ලදි. එසේම පන්දුවෙන්ද සිය වගකීම ඉෂ්ඨ කළ නවෝද් ළකුණු 45කට කඩුලු 2ක් බිදහෙළන ලදි. මේ අනුව ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ළකුණු 77ක ජයක් හිමිකර ගනිමින් තුන්කොන් ශූරතාවය දිනා ගැනීමට සමත්විය.
ශ්රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 265 – 9 ( නවෝද් පරණවිතාන 108 , කමිල් මිශාර 69)
එංගලන්තය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම 188 (කවිදු නදීශාන් 3 -43 , ඩැනියෙල් 2 -26 , තිලකරත්න 2 -31 , නවෝද් 2 -45)
චානා[/vc_column_text][/vc_column][/vc_row]