ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි තරගයෙන් ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ, ඇෆ්ගනිස්ථානය ලකුණු 131කින් පරාජය කරමින්. ‍

තරගය පැවැත්වුණේ, සාජා හිදී. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 07ක් දැවී ලකුණු 243ක් රැස් කළා. ආරම්භක පිතිකුරු පුළිඳු පෙරේරා සහ ශාරුජන් ශංමුගනාදන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු පුවරුව ඉහළට රැගෙන යාමට විශිෂ්ට පිතිහරඹයක නිරත වුණා. පුළිඳු පෙරේරා ලකුණු 53යි. විශිෂ්ට ඉනිමක් දියත් කළ ශාරුජන් ශංමුගනාදන් අවසන් පන්දුවාරය තෙක් ක්‍රීඩා කරමින් ශතකයක් වාර්තා කිරීම විශේෂත්වයක්. ඔහු ලකුණු 102ක් රැස් කළා. පන්දු යැවීමේදී ඒ.එම්. ගැසන්ෆර් කඩුලු 03ක් දවා ගත්තා. පිළිතුරු ලෙස ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 28යි පන්දු දෙකකදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ, ලකුණු 112ක් පමණයි. වැඩිම ලකුණු ලාභියා වෙමින් නසිෆුල්ලා අමීරි ලකුණු 33ක් ලබාගත්තා. හම්සා ඛාන් ලකුණු 32යි. පන්දු යැවීමේදී ප්‍රවීන් මනීෂ ලකුණු 16කට කඩුලු 03යි. විහස් තෙව්මික, විරාන් චමුදිත සහ නිව්ටන් රංජිත් කුමාර් කඩුලු 02 බැගින් බිඳ හෙලුවා. තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය ලබන 03 වැනිදා බංග්ලාදේශය සමග පැවැත්වෙනවා.

Back To Top