ශෙහාන්, කමිඳු, අශාන් අන්තර් සමාජ T20 තරඟයේ ආරම්භක දිනයේ දක්ශතා පෙන්වති!

[vc_row][vc_column][vc_column_text]පසුගිය 31වන දින අන්තර් සමාජ ආරාධිත එක්දින තරඟාවලිය හලාවත මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව අද දිනකාණ්ඪ 4ක් යටතේ කණ්ඩායම් 24ක් තරඟ වදින අන්තර් සමාජ විස්සයි විස්ස තරඟාවලිය ආරම්භ විය.

එක් කාණ්ඩයකින් තරඟ තුනක් ලෙස තරඟ දොළහක් අද දින කොලඹ, රත්මලාන ක්‍රීඩාංගණ වලදී පැවත්වින.

අද දිනයේ ශෙහාන් ජයසූරිය, කමිදු මෙන්ඩිස් පිත්තෙන් දස්කම් දක්වමින් පිලිවෙලින් ලකුණු 107ක් සහ 94ක් රැස් කරද්දී අශාන් ප්‍රියන්ජන්පිත්තෙන් ලකුණු 99ක්ද පන්දුවෙන් කඩුලු 4ක්ද දවා ගැනීමට සමත් විය.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් ඩිල්ශාඩ් ලකුණු 21ට කඩුලු 5ක් දවා ගැනීමට සමත් විය.

අද දින තරඟ සාරාංශයන්.

A කාණ්ඩය

මුවර්ස් සහ බ්ලුම්ෆීල්ඩ්

බ්ලුම්ෆීල්ඩ් : 138/7 (20)

රෙවාන් කෙලී 40, ඩිල්හාන් කුරේ 30, මිෂේන් සිල්වා නොදැවී 31, නිමන්ද සුබසිංහ 4/22

මුවර්ස් : 143/3 (16)

චරිත කුමාරසිංහ 60, පබසර වඩුගේ නොදැවී 62, ,චතුර ඔබේසේකර 2/25

මෙම තරගය කඩුලු 7කින් මුවර්ස් කණ්ඩායම ජයග්‍රහණය කලේය.

ගාල්ල සහ බදුරලිය

බදුරලිය : 155/9 (20)

සාලින්ද උෂාන් 34, යසෝධ ලංකා 29, දමිත් පෙරේරා 39, රවිශ්ක විජේසිරි 2/09, මංසූර් අම්ජාඩ් 4/18, චතුර ලක්ෂාන් 2/21

ගාල්ල : 131/10

මංසූර් අම්ජාඩ් 52, නුවන් ප්‍රියදර්ශන 19 ,බුද්ධික සංජීව 3/24, ලහිරු සමරකෝන් 2/19, අලංකාර අසංක 2/27

බදුරලිය කණ්ඩායමට ලකුණු 24ක ජයක්.

පානදුර සහ කෝල්ට්ස්

කෝල්ට්ස් : 175/7 (20)

සදීර සමරවික්‍රම 73, සංගීත් කුරේ 31, දුලාංජන මෙන්ඩිස් 2/31, මින්හාජ් ජලීල් 3/29

පානදුර ක්‍රීඩා සමාජය :

143/9 (20)මින්හාජ් ජලීල් 56, හර්ෂ කුරේ 4/12,නිසල තාරක 2/21, අකිල ධනංජය 2/28

ලකුණු 32ක ජයක් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට හිමි විය.

B කාණ්ඩය

ටැමිල් යූනියන් සහ නාවික හමුදාව

ටැමිල් යූනියන් : 153/5 (20)

කමේෂ් නිර්මාල් 28, මනෝජ් සරත්චන්ද්‍ර 32 ,රන්මිත් ජයසේන 33,බුද්ධික මධුශාන් 2/20

ශ්‍රී ලංකා නාවික හමුදා : 98/7 (20) ,සවිඳු පීරිස් නොදැවී 23, රමිත රඹුක්වැල්ල 2/09

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජයට ලකුණු 55ක ජයක් හිමි විය.

එන්. සී. සී සහ පොලිස්

එන්. සී. සී. : 234/3 (20)

පැතුම් නිස්සංක 77, ලහිරු උදාර 82, මහේල උඩවත්ත 57

පොලිස් : 111/10 (17)

ලක්ෂාන් රොද්‍රිගෝ 51, රවිඳු තිලකරත්න 3/14, සචිඳු කොළඹගේ 3/28

එන්. එන්. සී. කණ්ඩායමට ලකුණු 123ක ජයක් හිමි විය.

එස්. එස්. සී. සහ සැරසන්ස්

එස්. එස්. සී : 130/10 (19.4)

ක්‍රිශාන් සංජුල 26, සම්මු අශාන් 32,මොහොමඩ් ඩිල්ෂාඩ් 5/21

සැරසන්ස් : 120/10 (20)

රනිත ලියනාරච්චි 33, හර්ෂ රාජපක්ෂ 39,සචිත්‍ර සේනානායක 3/18, ජෙෆ්රි වැන්ඩර්සේ 2/28

එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 9ක ජයක් හිමි විය.

C කාණ්ඩය

මීගමුව සහ ගුවන් හමුදාව

මීගමුව : 118/ 10 (19.5)

ඩිල්ෂාන් මුණවීර 33, ලසඳ රුක්මාල් 2/29,සංජය රණවීර 3/33, ප්‍රමෝද් කුමාර 2/06, රසින්ද්‍ර සිල්වා 2/17

ගුවන් හමුදා : 119/6(19.4)

චාමර ප්‍රනාන්දු 44, ශබීක් ඉෆ්ත්‍රි 27, මාධව නිමේෂ් 19,මාධව වර්ණපුර 2/11

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජයට කඩුලු 4ක ජයක් හිමි විය.

යුද හමුදාව සහ කළුතර

ශ්‍රී ලංකා යුද හමුදා 111/9 (20)

අශාන් රන්දික 33, දිනේෂ් චන්දිමාල් 21, දුශාන් විමුක්ති 21,ඉන්දික සිරිවර්ධන 3/15

කළුතර : කඩුලු 4ක් දැවී 113 (19.3)

දසුන් සෙනෙවිරත්න 34, සචින් දල්පදාදු නොදැවී 22,දුෂාන් විමුක්ති 2/20

කළුතර ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක් හිමි විය.

කුරුණෑගල යූත් සහ හලාවත මේරියන්ස්

හලාවත මේරියන්ස් : කඩුලු 2ක් දැවී 244 (20)

ෂෙහාන් ජයසූරිය 107, කමිඳු මෙන්ඩිස් නොදැවී 99, නවීන් අධිකාරි 2/58

කුරුණෑගල යූත් : කඩුලු 7ක් දැවී 117 (20)

මාලිංග මලිගස්පේ 30, අනුරුද්ධ රාජපක්ෂ 26, විනෝද් පෙරේරා නොදැවී 25,නිමේෂ් විමුක්ති 4/27

හලාවත මේරියන්ස් කණ්ඩායමට ලකුණු 123ක ජයක්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top