ශේන් වොට්සන්ගේ කණ්ඩායම දෙවන ජයග්‍රහණයත් වාර්තා කරයි

[vc_row][vc_column][vc_column_text]T10 ලීග් තරඟාවලියේ තුන්වන අදියර ඊයේ දින අබුඩාබි ශේයික් සයිඩ් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ආරම්භ වුනු අතර තරඟ තුනක්ඊයේ දින නිමා විය.

තරඟාවලොයේ හතර වන තරඟය තිසර පෙරේරා නායකත්වය දරන බංග්ලා ටයිගර්ස් කණ්ඩායම සහ ශේන් වොට්සන් නායකත්වය දරනඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවති අතර ශේන් වොට්සන් ප්‍රමුඛ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල තරඟාවලියේ දෙවනජයග්‍රහණයද වාර්තා කිරීමට සමත් වූයේ කඩුලු 6ක ජයග්‍රහණයක් වාර්තා කරමිනි.

ඊයේ පැවති තරඟ තුනෙන් දෙකක්ම කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවූ කණ්ඩායම ජයග්‍රහණය කල අතර අද තරඟයේද දෙවනවතාවටත් කාසියේ වාසිය ජයග්‍රහණය කල ශේන් වොට්සන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේය.

ආරාධනාව පිලිගත් බංග්ලා ටයිගර්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර සිය පන්දුවාර 10 තුලදී ලකුණු 108ක් රැස් කරමින්තරඟාවලියේ දැනට වාර්තා වූ ඉහලම ලකුණු ප්‍රමාණය වාර්තා කිරීමට සමත් විය.

දකුණු අප්‍රිකානු ක්‍රීඩක කොලින් ඉන්ග්‍රම් ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් හයේ පහරවල් හතරක් සමගින් පන්දු 21 කදී ලකුණු 37ක් රැස්කිරීමට සමත් විය.

ඊට අමතරව රිලී රූසෝ ද ලකුණු 27ක් රැස් කරමින් කණ්ඩායමට සිය දායකත්වය ලබා දීමට සමත් විය.

කණ්ඩායම් නායක තිසර පෙරේරාට රැස් කරගත හැකි වූගේ ලකුණු 3ක් පමනි.

තරඟාවලියේ දැනට වාර්තා වූ හොඳම පන්දුයැවීම වාර්තාකල දකුණු අප්‍රිකානු ක්‍රීඩක මිගෙල් ප්‍රිටෝරියස් ලකුණු 10ක් පමණක් ලබාදී සියපන්දුවාර දහය තුලදී ප්‍රතිවාදී කඩුලු 3ක් ලබාගැනීමට සමත් විය.

ලකුණු 109ක තරමක් අභියෝගාත්මක ඉලක්කය හඹා ගිය ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල එක් පන්දුවක් තිබියදී ජයග්‍රහණය වාර්තා කලේතිසර පෙරේරා එල්ලකල අවසාන පන්දුවාරයේ රැස් කරගත යුතුව තිබූ ලකුණු 6 රැස් කරගනිමිනි.

ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක මොහමඩ් ශෙසාඩ් මෙම තරඟයේද අසාර්ථක වෙමින් ලකුණු දෙකකට දැවී ගිය අතර ඊයේ තරඟයේ සාර්ථක වූපිතිකරු යුගල වූ නායක ශේන් වොට්සන් සහ ඇන්ටන් ඩෙවිච් වටිනා ලකුණු 62ක සබඳතාවයක් ගොඩ නගා ජයග්‍රහණය අවශ්‍ය අඩිතාලමයෙදීය.

ශ්‍රී ලංකා යොවුන් පිතිකරු භානුක රාජපක්ෂ පන්දු අටකින් ලකුණු 12ක් රැස් කලේ එක් හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

තරඟය අවසන් කරමින් ඩැනියල් ලෝරන්ස් පන්දු 8කදී නොදැවී ලකුණු 15ක් රැස් කලේය.

ජාත්‍යන්තර වරම්වත් නොලද කෙවින් කොත්තිගොඩ මෙම තරඟයට ක්‍රීඩා කල අතර ඔහුට සාර්ථක වීමට ඉඩ ලැබුනේ නැත.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top