ශේන් වොට්සන් ගේ ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පි තෙවන ජයත් වාර්තා කරයි!

[vc_row][vc_column]

අබුඩාබි T10 තරඟාවලියේ 13 වන තරඟය ශේන් වොට්සන්  නායකත්වය දරන ඩෙකෑන් ග්ලැඩියේටර්ස් සහ ඩේවිඩ් මාලන් නායකත්වයදරන ක්වැල්නඩර්ස් පිල අතර පැවත් වුනි.

මෙම තරඟයට ප්‍රථම කණ්ඩායම් දෙකම තරඟ තුන බැගින් සහභාගී වී තිබූ අතර ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තරඟ තුනෙන් තරඟදෙකක ජයග්‍රහණ වාර්තා කල අතර ක්වැල්නඩර්ස් කණ්ඩායම  එක් ජයග්‍රහණයක්, එක් පරාජයක් සහ එක් තරඟ සම වීමක් සමඟ ප්‍රසාදලකුණු 3ක් ලබා ගෙන සිටියේය.

දෙපිලටම තීරණාත්මක වූ තරඟයේ කාසියේ වාසිය දිනූ ක්වැල්නඩර්ස් නායක ඩේවිඩ් මාලන් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලේ තමකණ්ඩායමේ ලකුණු හඹා යෑමේ හැකියාව මත විශ්වාසය තබමිනි.

ආරාධනය පිලිගත් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් පිල පන්දුවාර 10 තුල විශිෂ්ට පිතිකරණ විලාසයක් පෙන්නුම් කරමින් ලකුණු 129ක් රැස් කරලකුණු 130ක දැවැන්ත ඉලක්කයක් ප්‍රතිවාදී පිලට ලබා දුන්නේය.

තරඟාවලිය පුරා මෙතෙක් අසාර්ථක වූ ඇෆ්ගනිස්ථාන කඩුලු රකින ක්‍රීඩක මොහමඩ් ශෙසාඩ් යලි රිද්මයට පැමිණෙමින් පන්දු 21කදීවේගවත් ලකුණු 57ක් රැස් කලේ දර්ශනීය හයේ පහරවල් 6ක් පිටිය සිසාරා එල්ල කරමිනි. එයට අනගි සහයක් ලබා දුන් නායක ශේන්වොට්සන් පන්දු 15කදී ලකුණු 30ක් සිය නම ඉදිරියෙන් සටහන් කරගත්තේය. ඉනිමේ අග භාගයේ කණ්ඩායමට ජවය එක් කල බෙන් කටින්පන්දු දහයකදී නොදැවී ලකුණු 21ක් රැස් කලේය..

ලකුණු 130ක දැවන්ත ඉලක්කය හඹා ගිය ඩේවිඩ් මාලන් ප්‍රමුඛ ක්වැල්නඩර්ස් පිලට පන්දුවාර දහය අවසානයේ රැස් කරගත හැකි වූයේලකුණු 102ක් පමණි.

කඩුලු දෙකක් පමණක් දැවී ගියද ප්‍රමාණවත් ලකුණු වේගයක් පවත්වාගැනීමට ක්වැල්නඩර්ස් පිලට නොහැකි විය.

නායක ඩේවිඩ් මාලන් ඉල්ලකය හඹා යෑමට හැකි සියලුම උත්සයන් දැරුවද කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ ලුක් රොන්චි, ටොම් බැන්ටන් දෙපල අසාර්ථක වීම නිසා ලකුණු හඹා යෑම දුශ්කර කාර්‍යයක් විය.

ඩේවිඩ් මාලන් පන්දු 25කදී ලකුණු 49ක් රැස් කලේය.

තරඟයේ වීරයා සම්මානය මොහමඩ් ශෙසාඩ් හිමි කරගත්තේය.

[/vc_column][/vc_row]

Back To Top