සංගක්කාර මෙහෙයවන එම් සී සී කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

[vc_row][vc_column][vc_column_text]එම් සී සී හෙවත් මෙරලිබෝන් ක්‍රිකට් සමාජ කණ්ඩායම මේ දිනවල පාකිස්ථානයේ සංචාරයක නිරත වන්නේ තරග 4 කින් යුත් තරගාවලියක් සදහායි.

එහි පළමු තරගය ලාහෝර් කලැන්ඩර්ස් කණ්ඩායමට එරෙහිව පැවැත්වුණේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි. 20 යි 20 තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජය ගත්තේ එම් සී සී කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර. පළමුවෙන් පන්දුව‌ට පහර දීමෙ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දීමට ඔහු තීරණය කළා. ඒ අනුව ලාහෝර් කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 135 ක් ලබා ගත්තා.

පිලිතුරු ඉනිමට ක්‍රීඩා කළ එම් සී සී කණ්ඩායම කඩුලු ක් ඉතිරිව තිබියදීම තරගයේ ජය වාර්තා කළා.නායක කුමාර් සංගක්කාර ලකුණු 25 ක් රැස් කළ අතර රවී බොපාරා ලකුණු 41 යි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top