සජිත් ප්‍රනාන්දු මහතා ඇමරිකා එක්සත් ජනපද යොවුන් ක්‍රිකට් තෙරීම් කමිටුවට

[vc_row][vc_column][vc_column_text]නුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු මෙන්ම ශ්‍රී ලංකා පළමු පෙළ තරග බිමෙහි තුන් ඉරියව්වෙන් දස්කම් පෑ විශිෂ්ඨ ක්‍රීඩකයෙකු , ක්‍රිකට් පුහුණු කරුවකු හා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයෙකු වූ සජිත් ප්‍රනාන්දු මහතා ඇමරිකා එක්සත් ජනපද යොවුන් තෙරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් තේරී පත් විය.

ඇමරිකා එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය විසින් වසර තුනක කාලයක් වෙනුවෙන් පස්දෙනෙකුගෙන් සමන්විත යොවුන් තේරීම් කමිටුව නම් කළ අතර එහි සභාපතීත්වය වත්මන් එක්සත් ජනපද ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී අමර් අෆ්සලුඩින් මහතාට හිමිවද්දී සෙසු සාමාජිකයන් ලෙසින් සජිත් ප්‍රනාන්දු , ඇල්වින් කල්ලිචරන්, ජැනිසර් ඛාන් හා ස්ටීව් මැසියා පත් විය.

ඇමරිකානු එක්සත් ජනපද ක්‍රිකට් ආයතනය විසින් බෙදා වෙන්කොට ඇති කලාප හයෙහි තේරීම් කමිටු සාමාජිකයන් පත් කිරීමද මේ සමගම සිදු වී ඇති අතර බටහිර කලාපය වෙනුවෙන් නම් කල තිදෙනෙකුගෙන් සමන්විත කමිටුවටද සජිත් ප්‍රනාන්දු මහතා නම් කොට ඇත.

1993 වසරේ සිට 2012 වසර තෙක් ශ්‍රී ලංකා පළමු පෙළ තරග නියෝජනය කළ සජිත් ප්‍රනාන්දු තරග 193කදී ලකුණු 10700ක් රැස්කිරීමට සමත් විය. කෝල්ට්ස් ක්‍රිඩා සමාජය හා ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තුන් ඉරියව්වෙන් දස්කම් පෑ මොහු පළමු පෙළ තරග තුළදී කඩුලු 269ක් දවාගැනීමටද සමත් වී ඇත.

2017 වසරේ සැප්තැම්බර් මසදී සජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා ක්‍රිකට්තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් පත් විය. 2020 වසරේ ජනවාරි මාසයේදී දකුණු කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ ක්‍රිකට් පුහුණුකරු බවට පත් වූ සජිත් ප්‍රනාන්දු මහතා එන්.සී.සී. ක්‍රීඩා සමාජයේ ප්‍රධාන පුහුණුකරු වශයෙන්ද කටයුතු කොට ඇත.

1991 වසරේ දක්ෂතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සිය පාසලේම ක්‍රිකට් සගයෙකු වූ ලෝක පූජිත පන්දු යවන්නෙකු වන මුත්තයියා මුරලිදරන් හිමිකරගනිද්දී 1992 වසරේදී එම සම්මාන තමා සතු කරගැනීමට සජිත් ප්‍රනාන්දුට හැකි විය.

2018 වසරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ අධ්‍යක්ෂකවරයා ලෙසින්ද කටයුතු කළ සජිත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් නොලද ක්‍රීඩකයන් අතරෙහි පෙරමුණේ රැදීසිටින අති දක්ෂයෙකි. ඇමරිකන් එක්සත් ජනපද යොවුන් තේරීම් කමිටු සාමාජිකයෙක් ලෙසින් පත්වීම් ලද සජිත් ප්‍රනාන්දු මහතාට අපගේ සුභාශිංසන.

By – Chathura Ramanayake (Cree-da Sports Network)

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top