සදීරගේ කඩුල්ල දවාගත්තේ රාහුල්ගේ මගපෙන්වීමෙන් ද ?

ආසියානු කුසලාන සුපිරි හතර වටයේ ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරගය ඊයේ පැවැත්විණි. එම තරගයේදී ශ්‍රී ලංකා පිතිකරු සදීර සමරවික්‍රම දවාගැනීමට ඉන්දීය වමත් දගපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් සමත් විය. නමුත් එම කඩුල්ල දවා ගැනීමේ පූර්ණ ගෞරවය ලෝකේෂ් රාහුල් හට හිමි විය යුතු බව කුල්දීප් යාදව් සදහන් කොට ඇත.

සදීර හා චරිත් අසලංක එක්ව කුල්දීප්ගේ පන්දු හඳුනාගෙන සාර්ථක අන්දමින් පිතිකරණයේ නියැලෙන ආකාරය දැකගන්නට හැකිවිය. කෙසේ නමුත් සදීර සමරවික්‍රම කුල්දීප් යොමුකළ පන්දුවකට ඉදිරියට පැන පහරක් එල්ල කිරීමට යාමේ දී පන්දුව දගකැවීමකට ලක්ව රාහුල් අතට පත් වද්දී සාර්ථක අන්දමින් ස්ටම්ප් කිරීමට ලක් කරන්නට රාහුල් වගබලාගත්ට්තේය. මෙම කඩුල්ල සම්බන්ධයෙන් කුල්දීප් දැරුවේ මෙවන් අදහසකි

” රාහුල් අයියා මට කිව්ව ඕෆ් ස්ටම්ප් එකෙන් එළියෙ ඉඳන් පන්දුව දඟ කවන්න කියලා. මම ඒ වෙද්දී පන්දු යවමින් හිටියේ මිඩ්ල් ස්ටම්ප් එකේ. නමුත් ඒ පන්දු කළමනාකරණය කරගන්න පිතිකරුවාට ඉතා පහසු වුණා. හින්ද රාහුල් අයියා කතා කරලා කිව්වා ඕෆ් ස්ටම්ප් එකෙන් එලියෙ පන්දුව පතිත කරලා දගකවන්න කියලා. ඇත්තටම ඒක වැඩ කරා. ඒ වගේම මම පොඩි ඩ්‍රිෆ්ට් කිරීමක් කරා. මම අවස්ථාවක් කර ගන්නවා රාහුල් අයියට ඒකට ස්තුති කරන්න.”

Back To Top