සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ශ්‍රී ලංකා දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ ස්වරූපයෙන් තරඟ ජයග්‍රාහකයෙකු සිය කණ්ඩායමට ගෙන ආ බව ඉන්දීය සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක අනිල් කුම්බ්ලේ පවසයි. ඩුබායි හි Coca-Cola Arena හි පැවති IPL 2024 වෙන්දේසියේදී SRH විසින් රුපියල් කෝටි 1.50කට හසරංගව මිළදී ගත්හ.
Jio Cinema වෙත අදහස් දක්වමින් කුම්බ්ලේ සදහන් කොට සිටියේ හසරංග නිත්‍ය කඩුලු ලබා ගන්නා ක්‍රීඩකයෙකු බවයි. එහිදී ඔහුව ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන් සහ ඉන්දියාවේ යුෂ්වේන්ද්‍රන් චහල් වැනි ක්‍රීඩකයින් සමඟ සංසන්දනය කළේය.
එයාලට ගිය පාර අඩිල් රෂීඩ් හිටිය, ඒත් හසරංග ඔයලට තව ගොඩක් දේවල් ලබාදේවි. ඔහු මෙහි තත්වයන්ට හුරුවී ඇති අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් හැම තැනකදිම පන්දු යවමින් සාර්ථක වෙලා තියෙනවා. ඔහු අනෙක් දඟ පන්දු යවන්නෙකුට වඩා බොහෝ විට කඩුලු දවා ගනී. රෂීඩ් ඛාන් සහ යුස්වේන්ද්‍ර චාහල් හැරුණු විට පා දඟපන්දු යවන්නන් අතරින් වැඩිම කඩුලු දවා ගන්නේ ඔහුයි
ඔහු ඕනෑම ආකෘතියදී කඩුලු ලබා ගන්නවා ඔහු තරග ජයග්‍රාහකයෙක්. ඔහුට පිතිකරණයේ යෙදෙන්නත් පුළුවන්, ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් පිතිකරණයේ යෙදෙන ආකාරය ඔබ දැක තිබෙනවා.