ස්ටබ්ස් පළිහ ශූරතාවය මෙවරත් මහනුවර සිල්වෙස්තර විද්‍යාලයට

105වන ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට මහනුවර සිල්වෙස්තර විද්‍යාලය සමත් වුණා. ඒ අනුව සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය බොක්සිං ක්‍රීඩකයන් ස්ටබ්ස් ශීල්ඩ් ශූරතාවය දිනාගත්තේ 18වන වරටයි.

අධ්‍යාපන අමාත්‍යාංශය සහ පාසල් බොක්සිං සංගමය විසින් සංවිධානය කරන ලද 105 වැනි ස්ටබ්ස් පළිහ අන්තර් පාසල් බොක්සිං ශූරතාවලියට පාසල් 132 ක බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500 කට ආසන්න පිරිසක් සහභාගි වූ අතර ඔවුන් බර පන්ති 36ක් සහ වයස් කාණ්ඩ තුනක් යටතේ තරග වැදුණි. 

අවසන් පූර්ව වටයේ පැවති තරග වලින් සාන්ත සිල්වෙස්තර විද්‍යාලයීය ක්‍රීඩකයන් හයදෙනෙකු සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයන් සිව්දෙනෙකු ද අවසන් මහා තරග වලට සුදුසුකම් ලැබූ අතර පිට පිට දෙවන වරටත් ස්ටබ්ස් පළිහ ශූරතාව සිල්වෙස්තර විද්‍යාලයට හිමිවිය. මෙවර තරගාවලිය කොළඹ රාජකීය විද්‍යාලයීය MAS Arena පරිශ්‍රයේදී පැවැත්විණි.

Back To Top