ස්තුතී පකිස්ථාන්

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය ඊයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේදී ජයග්‍රාහීව අවසන් විය..

තරගාවලිය නිමාවට පත්වූයේ වූයේ පාකිස්ථානු කණ්ඩායමක් 20-20 තරගාවලියක් සම්පූර්ණයෙන්ම පාකිස්ථානයේදී 3-0ක් ලෙසට පරාජයට පත් කළ ප්‍රථම කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්කරමිනි..

මෙම තරගාවලි ජයග්‍රහණයත් සමඟින් පාකිස්ථානයේදී එක්දින , ටෙස්ට් හා විස්සයි විස්ස යන අංශ තුනේදීම තරඟාවලි ජයග්‍රහණය ලැබූ ප්‍රථම කණ්ඩායම බවට ශ්‍රී ලංකා කණ්ඩායම පත්විය. 20-20 තරග 99ක් පමණක් අත්දැකීම් තිබූ ශ්‍රී ලංකා කණ්ඩායම ලද මෙම ජයග්‍රහණය ඓතිහාසික ය.

තරගාවලිය පැවැත්වීම ආරම්භයේ සිටම යම් මතභේදයකට ලක්ව තිබූ අතර එහි පළමු වෙඩිමුරය ලෙස ශ්‍රී ලංකා ජේෂ්ඨ ක්‍රීඩකයන් පාකිස්තාන‍යේ තරග සංචාරය යෙදීම ප්‍රතික්ෂේප කිරීම හැඳින් විය හැක .
අනතුරුව එක්දින කණ්ඩායමේ නායකත්වය ලහිරු තිරිමාන්න විසින් දැරීමටත් විස්සයි20 කණ් විස්ස කණ්ඩායමේ නායකත්වය දසුන් ශානක විසින් දැරීමටත් එකගතාව පළ කිරීමෙන් අනතුරුව තරුණ කණ්ඩායමක් පාකිස්තානය වෙත යැවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරන ලදී .

එම තීරණය ලබා ගත් දිනට පසු දිනම නැවතත් ළහිරු තිරිමාන්න ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුගේ සේවය අහිමි වීමේ අවදානමකට ලක් වුව ද ඔහු නැවතත් සම්පූර්ණ ශරීර සුවතාවයට පත්වීමහේතුවෙන් තරගාවලියට එක් විය..

එසේම තරගාවලිය පැවැත්වීමේදී පාකිස්ථාන ලබාදෙන ආරක්ෂාව පිළිබඳව තරගාවලියට පෙර මොහාන් ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායම විසින් පාකිස්තානයට ගොස් ලබා ගත් නිරීක්ෂණ තුලින් ඔවුන් සෑහීමකට පත් වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමේ පාකිස්තාන සංචාරය සිදු කරන බවට ස්ථිර විය..
නැවතත් තරගාවලිය පැවැත්වීමට ආසන්නයේ දීම ප්‍රහාරයක් පිළිබඳව බුද්ධි තොරතුරක් වාර්තා වීම හේතුවෙන් තරගාවලිය පැවැත්වීම නැවතත් අවදානමට ලක් ලක් වූ අතර කෙසේ වුවද අවසානය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානය බලා පිටත් විය.

මෙම තරගාවලිය පැවැත්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ සැකයක් පැවතිය ද පසුගිය අප්‍රේල් මස 21 වනදා එල්ල වූ පාස්කු ප්‍රහාරයෙන් පසුව පාකිස්තානු වයස අවුරුදු දහනවයෙන් පහළ කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ සංචාරය කොට ශ්‍රී ලංකාව යනු සංචාරයට සුදුසු බව ලොවට නිරාවරණය නොකරන්නට බොහෝවිට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවන්නේද පාකිස්තානයට අත්වූ ඉරණමකි..

එම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තරග නරඹන්නන් හට පාකිස්තාන කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් එම කණ්ඩායමට සහය ලබාදීමට ලබාදුන් පාකිස්තාන ධජයන් ඉස්මතු කරමින් යම් යම් අරමුණු වෙනුවෙන් ඒවා භාවිත කිරීමක්ද සිදුවිය.

එක්දින තරගාවලිය පරාජයට පත් වුව ද නායක ළහිරු තිරිමාන්න ඇතුළු පිරිස එහිදී සටන්කාමී තරඟ විලාශයක නිරත විය..විශේෂයෙන්ම තරගාවලිය ආරම්භ වීමට දින දෙකකට පෙර පාකිස්තානය බලා පැමිණි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම 11 000කට අධික ආරක්ෂකයන් පිරිවරා නුපුරුදු තත්ත්වයක් යටතේ ප්‍රහාරයක අවදානමක් පිළිබඳව බුද්ධි තොරතුරු ද ඇති මොහොතක එවැනි දස්කමක් දක්වමින් තරගාවලිය සටන්කාමීව අවසන් කිරීම පිළිබඳව ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමටද ගෞරවය හිමිවිය යුතු වේ.

නායක ළහිරු තිරිමාන්න පිතිකරුවෙකු ලෙස අසාර්ථකත්වයක් පෙන්නුම් කළ ද ඔහුට වඩාත් හොඳින් ක්‍රීඩා කළ හැකි ආරම්භක පිතිකරු ස්ථානයේ ක්‍රීඩා නොකොට නවක කණ්ඩායමක් සමගින් පාකිස්ථානයට සංචාරය කිරීමේ අභියෝගය භාරගැනීම පිළිබඳවම ජේෂ්ඨ ක්‍රීඩකයකු ලෙස ඔහුට කෘතඥතාවය හිමි විය යුතු වේ.

විශේෂයෙන්ම විස්සයි විස්ස තරගාවලිය ආරම්භ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එම නුහුරු පරිසරයෙන් මිදී එම තත්වයට හුරු වී සිටි බැවිනි ඔවුන් චකිතයකින් තොරව ක්‍රීඩා කළ අතර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමට ද එවැනි පරිසරයක් නිර්මාණය වී තිබුණා නම් එක්දින තරඟාවලියේ ප්‍රතිඵලය මීට වඩා යහපත් වන්නට තිබුණි..විශේෂයෙන්ම දෙවන තරඟය පැවැති කරච්චි ක්‍රීඩාංගනයේදී ප්‍රේක්ෂකයන් 8000ක් පමණ සිටි අවස්ථාවක ආරක්ෂකයන් 11,000 වඩා වැඩි ප්‍රමාණයක් සිටීමම නුහුරු තත්ත්වයකි.

එම නුහුරු පරිසරය තුළදී විශේෂයෙන් ම ලාහෝර් නුවර දී පාකිස්තාන ප්‍රේක්ෂකයන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදුන් ලබා දුන් සහයෝගය ජාති භේදයකින් තොරව අගය කළ යුතු අතර පාකිස්ථානය 20-20 තරඟාවලිය පරාජයට පත් වුවද ක්‍රීඩාව හා මනුෂ්‍යත්වය තස්තවාදයට පරාජයට පත් කළ නොහැකි බව ඔවුන් ලොවට ඒත්තු ගන්වා හමාර ය .

ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව පිළිබඳව ශ්‍රී ලංකා කණ්ඩායම කෙතරම් සෑහීමකට පත් වූවා දැයි යන්න ඊයේ තරගය අවසන් වී පාකිස්තානු හමුදා භටයන් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් ඡායාරූපයෙන්ම තහවුරු වන අතර මෙම පාකිස්තානු තරග සංචාරය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට හා ශ්‍රී ලංකාවට ලැබුණු වටිනා අවස්ථාවක් හා වටිනා සහතිකයක් විය.

එසේම බොහෝ විට පාකිස්තානු පාකිස්තානු සුපර් ලීග් තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි පිරිසක් මෙවර සම්බන්ධ කර ගැනීමේ අරමුණක් ඇති බැවින් එයද ශ්‍රී ලංකා නවකයන්ට ලැබෙන අමතර වාසියකි.

1996 වසරේදී ගඩාෆි ක්‍රීඩාංගණයෙන් ලෝක කුසලාන ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට්හි හැරවුම් ලක්ෂයක් බවට පත් වූ අතර ඊට වසර 23කට පසුව නැවතත් ගඩාෆි ක්‍රීඩාංගණයේ මේ ලද ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකටි තවත් හැරවුම් ලක්ෂයක් බවට පත් වනු ඇත…

ඒ අනුව පාකිස්තානය මෙම තරඟාවලිය සූදානම් කළ අවස්ථාවේ සිට අවසානය දක්වා ලබාදුන් ආරක්ෂාව , පහසුකම් මෙන්ම පාකිස්තාන ක්‍රීඩා ලෝලීන් දැක්වූ සහයෝගය හා ශ්‍රී ලංකා කණ්ඩායම තරඟාවලිය අවසන් කළ ආකාරය ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට බොහෝ කලක් යන තුරු අමතක නොවනු ඇත.

-චානක මධුසාගර –

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top