සාග් ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මහමගට. බලධාරීන් නිහඩ පිළිවෙතකට

[vc_row][vc_column][vc_column_text]දහතුන් වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගි වීමට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට හෝටල් පහසුකම් නොමැතිව මහමග සිටීමට සිදුවූ සිදුවීමක් වාර්තා වෙනවා.

නවාතැන් පහසුකම් සැපයීමට පැය කිහිපයක් ප්‍රමාද වීම හේතු කොටගෙන ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේ රාත්‍රි කාලයේ පැය කිහිපයක් මහමගට වී ගමන් විඩා නිවා ගැනීමට ක්‍රීඩකයන්හට සිදුවීම කණගාටුවට කරුණක් බවට තරග ආරම්භයට පෙරම පත්වුණා.
මෙවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600ක් පමණ ප්‍රමාණයක් නේපාලය වෙත ගමන් කොට තිබෙන අතර  නේපාලයේදී යම් ගැටලුවකට මුහුණ දුන්හොත් ඇමතීම සඳහා දුරකථන අංක දෙකක් ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් ලබා දුන්නද  ඒවා නවාතැන් පිළිබඳව ගැටලුව මතු වූ අවස්ථාවේ දී ප්‍රතිචාර නොදැක්වූ බවට ද වාර්තා වනවා.
මෙම ක්‍රීඩා උළෙල සඳහා ක්‍රීඩා අමාත්‍යාංශය නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් සහභාගීවී සිටියද ඔවුන්ද එම අවස්ථාවේදී සෘජුව මැදිහත් වීමට කටයුතු නොකිරීම ඔවුන්ගේ වගකීම් පැහැර හැරිමක් බවට පැවසිය යුතුවේ.
නේපාලයේ රාත්‍රි කාලයට පවතින අධික ශීත කාලගුණය කාලගුණය හමුවේ ක්‍රීඩකයන් මෙලෙස අසරණ වීම  හා බලධාරීන් ඊට මැදිහත් නොවීම කණගාටුවට කරුණක් බව බලධාරීන්ට නැවතත් සිහි කැදවනවා.

 

 

-චානක මධුසාගර –

 

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top