සාග් පෙර දැකම සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ 1989

[vc_row][vc_column][vc_column_text]1987දී ඉන්දියාවේ කොල්කටා හිදී පැවති තෙවන ආසියානු ක්‍රීඩා උළළෙන් වසර දෙකකට පසු 1989දී සිව්වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙළ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඔක්තෝබර් මස 20 වනදා සිට 27 වනදා තෙක් පැවැත්විණි.

පාකිස්තානය එතෙක් පවත්වන ලද විශාලතම ක්‍රීඩා උළෙල බවට පත් වූ මෙහි සමාරම්භක උළලේ ප්‍රධාන ආරාධිත අමුත්තා බවට පාකිස්තාන ජනාධිපති ගුලාම් ඉෂාක් ඛාන් මහතා පත්විය. තරගාවලියට තරග ඉසව් දහයක් ඇතුළත්ව තිබූ අතර සුපුරුදු පරිදි රටවල් හතක සහභාගිත්වයෙන් තරගාවලිය ආරම්භ විය.

1987 තරගාවලියේදී පැවති පැසිපන්දු ඉවත්කොට ස්කොෂ් ක්‍රීඩාව මෙම තරගාවලියට එක්කොට තිබූ අතර සුපුරුදු ලෙස තරග ඉසව් 10ක් පැවැත්වුණි.

තරගාවලිය පුරා මුළු පදක්කම් 353 රටවල් හත තුළ බෙදීයාමට නියමිතව තිබුණු අතර මින් පදක්කම් 120 ක් පමණ ඉන්දියා විසින් හිමි කර ගනු ලැබුවේ ඉන්දියාව තවදුරටත් දකුණු ආසියානු ක්‍රීඩා උළලේ ආධිපත්‍ය තමන් සතුකර ගනිමිනි..

ඉන්දියාව රන් පදක්කම් 61ක් , රිදී පදක්කම් 43ක් හා ලෝකඩ පදක්කම් 20ක් සමගින් මුළු පදක්කම් 120 ක් දිනා ගැනීමට සමත් විය.

ඉන්දියාවට හොද සටනක් ලබාදෙමින් දෙවන ස්ථානයට පත්වූ පාකිස්තානය රන් පදක්කම් 45ක් රිදී පදක්කම් 33ක් හා ලෝකඩ පදක්කම් 42ක් සමගින් මුළු පදක්කම් 120ක් දිනා ගන්නට සමත් විය.

තෙවන ස්ථානයට පත්වූ ශ්‍රී ලංකාව රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 21ක් සමගින් මුළු පදක්කම් 37ක් දිනා ගැනීමට සමත් විය. සිව්වන ස්ථානය බංග්ලාදේශයට හිමිවිය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top