[vc_row][vc_column]2021 වසරේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙල ශ්‍රී ලංකාව කේන්ද්‍ර කොටගෙන පැවැත්වීමට මේ වන විට අවධානය යොමුව තිබෙනවා . එම ක්‍රීඩා උළෙල පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබුණ ද එහි පවතින ආරක්ෂක තත්වය හේතු කොටගෙන තරඟාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමු වී ඇති බවත් මේ සඳහා ශ්‍රී ලංකාවෙන්ද ඉල්ලීමක් සිදුකොට ඇති බව ට අනාවරණය වෙනවා.
මීට පෙර 2006 වසරේ හා 1991 වසරේදී ශ්‍රී ලංකාවේ දකුණු ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වුණ අතර 2021 දී ශ්‍රී ලංකාවේ පැවැත්වුවහොත් එය ශ්‍රී ලංකා සත්කාරකත්වය දරණ තෙවන අවස්ථාව වනු ඇත.
කෙසේ නමුත් මෙම සත්කාරකත්වය සඳහා මාලදිවයින් සහභාගී කර ගැනීමට මේ වනවිට සාකච්ඡා කෙරෙමින් පවතින්නේ ඔවුන් තවමත් දකුනු අසියනු ක්‍රීඩා උළෙලක සත්කාරකත්වය දරා නොතිබීම හේතුවෙන්..එසේ සිදුවුවහොත් මාලදිවයිනෙහි පාපන්දු , අත් පන්දු (Beach Volleyball ) හා කබඩි (Beach Kabaddi) යන ඉසව් පවත්වා ඉතිරි තරග ඉසව් ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙනු ඇත.
– චානා –
[/vc_column][/vc_row]