2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත.
ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත.
ආසියානු රග්බි ඉහළ පෙල කණ්ඩායම් 4 දෙනා සදහා සුදුසුකම් ලැබීමේ තරගය ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර පැවැත්වෙයි. මෙම තරගය 2025 අප්‍රේල් මස 19 වන දින මැලේසියාවේ දී පැවැත්වීමට නියමිතය.
මෙම තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේදී හොංකොං, දකුණු කොරියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව තරග වැදීමට නියමිතය
එහි ශූරතාවය හිමි කණ්ඩායම ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබන අතර එම තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම අප්‍රිකානු රග්බි ශූරතාවලියේ දෙවන ස්ථානය ලබා ගන්නා කණ්ඩායම සමග තරග වැදීමට නියමිතය.
එම තරගයේ ජයග්‍රාහකයා ලෝක කුසලාන අවසන් තේරීම් තරග වටය සදහා සුදුසුකම් හිමිකරගැනීමට නියමිතය. එහි දී තවත් මහද්වීප 3ක කණ්ඩායම් සමග තරග වැදීමෙන් අනතුරුව එම කණ්ඩායම් 4 අතුරින් පළමු ස්ථානය ලබා ගන්නා කණ්ඩායමට ලෝක කුසලාන වරම් හිමිවනු ඇත.