සිම්බාබ්වේ කණ්ඩායම පරදා බංග්ලාදේශය දෙවැනි එක්දින තරගයත් ජය ගනී

[vc_row][vc_column][vc_column_text]සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය පැවැත්වුණේ සිල්හෙට් හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 322 ක් රැස් කළා. තමීම් ඉක්බාල් පන්දු 136 කදී ලකුණු 158 ක් රැස් කළා. ඊට හතරේ පහර 20 ක් සහ 6 පහර 3 ක් ඇතුලත්. මුශ්ෆිකර් රහීම් ලකුණු 55 ක් රැස් කළා. පන්දු යැවීමේදී කාල් මුම්බා සහ ඩොනල්ඩ් ට්‍රිපානෝ කඩුලු 2 බැගින් බිද හෙලුවා. පිලිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 318 ක්. සිකන්දර් රාසා ලකුණු 66 ක් සහ වෙස්ලි මාධවීර් ලකුණු 52 ක් රැස් කළා. ඩොනල්ඩ් ට්‍රිපානෝ පන්දු 28 කදී නොදැවී ලකුණු 55 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 2 ක් සහ 6 පහර 5 ක් ඇතුලත්. තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තේ ලකුණු 4 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top