සිම්බාබ්වේ පරදා පළමු එක්දින තරගයෙන් බංග්ලාදේශය ජය ගනී.

[vc_row][vc_column][vc_column_text]සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු එක්දින තරගය පැවැත්වුණේ සිල්හෙට්හිදී.

පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දු වාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 321 ක් රැස් කළා. ලින්ටන් ඩාස් පන්දු 105 කදී ලකුණු 126 ක් රැස් කළා. ඔහුගේ ඉනිමට 4 පහර 13 ක් සහ 6 පහර 2 ක් ඇතුලත්. මොහොමඩ් මිතුන් ලකුණු 50 යි. පන්දු යැවීමේදී ක්‍රිස් මොෆු කඩුලු 2 ක් බිද හෙලුවා.

පිලිතුරු ලෙස සිම්බාබ්වේ කණ්ඩායමට පන්දු වාර 39 යි පන්දු 1 ක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 152 ක් පමණයි. වෙස්ලි මේධවීර් ලකුණු 35 ක් රැස් කළා. පන්දු යැවීමේදී මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 22 කට කඩුලු 3 ක් දවා ගත්තා. මෂ්රාෆි මොර්තාසා සහ මෙහෙදි හසන් අතර කඩුලු 2 බැගින්  බෙදී ගියා. තරගයෙන් බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තේ ලකුණු 169 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top