සීඑච් හමුවේ නාවික හමුදාව පරාජයට පත් වෙයි

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ මෙම සති අන්තයේ අවසන් තරගය පැවැත්වුණේ නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම් අතර. ඒ වැලිසර නාවික හමුදා ක්‍රීඩාංගණයේදීයි.

තරගයේදී ලකුණු රැස් කිරීම ආරම්භ කිරීමට සමත් වූ නාවික හමුදාව පළමු අර්ධයේදී වැඩි වාසි හිමි කර ගැනීමටද සමත් වුණා. ඒ අනුව එම අර්ධය නිමා වුණේ ලකුණු 13 ට 6 ක් ලෙස නාවික හමුදාව ඉදිරියෙන් සිටිමින්. නාවික හමුදා ක්‍රීජකයින් ගෝල දිනුමක් සහ දඩුවම් පහර දෙකක් සමගින් ලකුණු රැස් කළ අතර ප්‍රතිවාදී සී එච් කණ්ඩායම දඩුවම් පහර දෙකක් සාර්තක කර ගනිමින් ලකුණු ලබා ගත්තා.

නමුත් තරගයේ දෙවැනි අර්ධයේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමයි. ඔවුන් එහිදී තවත් ලකුණු 20 රැස් කළා. නාවික හමුදාව එම අර්ධයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 12 ක්. ඒ අනුව ලකුණු 26 ට 25 ක් ලෙස තියුණු ජයක් වාර්තා කිරීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් වුණා. ජයග්‍රාහී සී එච් ක්‍රීඩකයින් ලකුණු රැස් කළේ ගෝල දිනුම් 2 ක් සහ දඩුවම් පහර 4 කින්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top