සීකුගේ ප්‍රසන්නගේ හුදෙකලා ඉනීම පරාජයකින් අවසන් වෙයි

[vc_row][vc_column][vc_column_text]කැරීබියන් ප්‍රිමියර් ලීග් (CPL) තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලෙස ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම හා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අතර පැවැති තරගයේදී ශ්‍රී ලංකාවේ තුන් ඉරියව් ක්‍රීඩක සීකුගේ ප්‍රසන්න විසින් ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් වේගවත් සටන්කාමී අර්ධ ශතක රැස් කරගැනීමට සමත් විය..ඔහුගේ අර්ධ ශතකය පන්දු විසි දෙකක් තුළ දී වාර්තා වූ අතර ඒ සඳහා හතරේ පහර හතරක් හා හයේ පහර හතරක් ඔහු අන්තර් ගත කර තිබුණි..කෙසේ නමුත් අවසන් පන්දුවාරයේ ප්‍රථම පන්දුවෙන්ම ප්‍රසන්න දැවී ගිය අතර ඒ අනුව ලකුණු 12කින් තරග ජයග්‍රහණය කළ බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් නයිට් රයිඩර්ස් නායක කිරන් පොලාඩ් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළ අතර මේ අනුව බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සිය පන්දු පන්දුවාර 20 අවසානයේ දී කඩුළු 6ක් බිද වැටී ලකුණු 160 ක් ලබා ගැනීමට සමත් විය. බාබඩෝස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වීමට ලකුණු 35ක් ලබාගත් ජොන්සන් චාල්ස් සමත්වූ අතර ඈශ්ලි නර්ස් පන්දු 9කදී වේගවත් ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් විය..පන්දු යැවීමේදී අලි ඛාන් හා ක්‍රිස් ජෝර්ඩ්න් නයිට් රයිඩර්ස් කණ්ඩායම වෙනුවෙන් කඩුලු 2 බැගින් ලබා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉණිම ආරම්භ කළ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කඩුලු 5ක් ළකුණු 81ක් තුළ බිඳ වැටුණු අතර නායක පොලාර්ඩ් සමගින් එක්වූ ප්‍රසන්න නයිට් රයිඩර්ස් කණ්ඩායමට ජයග්‍රහණයක බලාපොරොත්තුවක් එක් කළද පොලාර්ඩ් ගේ දුවද්දී දැවී යාමත් සමගින්ම එම බලාපොරොත්තුව දුරස් විය..

අවසානයේ පන්දුවාර 19යි පන්දු 3කදී නයිට් රයිඩර්ස් කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 148ක් පමණක් ලබා ගැනීමට සමත් විය. නයිට් රයිඩර්ස් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ සීකුගේ ප්‍රසන්න ලකුණු 51 ක් ලබා ගැනීමට සමත් විය.
තරගයේ වීරයා සම්මානය පන්දුවෙන් හා පිත්තෙන් දස්කම් දැක්වූ ඈශ්ලි නර්ස් විසින් හිමිකර ගන්නා ලදි.

මේ අනුව කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් මහා තරගයට බාබඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම සමත් විය.

තරඟාවලියේ අවසන් මහා තරගය ඔක්තෝම්බර් මස 13 වන දා ගයානා ඇමර්සන් වොරියස් කණ්ඩායම හා බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතය.

බාර්බඩෝස් ට්‍රයිඩෙන්ට්ස් 160 -7 (20) ජොන්සන් චාල්ස් 35 ,ඈශ්ලි නර්ස් 24. අලි ඛාන් 2 -36.

ට්‍රින්බෑගෝ නයිට් රයිඩර්ස් 148 -10 (19.3) සීකුගේ ප්‍රසන්න 51 , කිරාන් පොලාර්ඩ් 23. ඈශ්ලි නර්ස් 2 -14.

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top