සුපර් ෆැෂන් Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු ලබයි

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා යුදහමුදාව දෙවන වරටත් සංවිධානය කළ Army Commanders League විස්සයි විස්ස තරගාවලිය අද දිනයේදීද නිමාව දුටුවේ Northern Warriors කණ්ඩායම ශූරයන් ලෙසින් කිරුලු පළන්දමිනි. දොඹගොඩ යුධහමුදා ක්‍රීඩාංගණයේදී පැවති අවසන් තරගය වෙනුවෙන් තිසර පෙරේරා නායකත්වය හොබවන Western Warriors කණ්ඩායම හා සමගින් තරග බිමට පිවිසියේ සීක්කුගේ ප්‍රසන්නගේ නායකත්වයෙන් යුතු Northern Warriors කණ්ඩායමයි.

අද පස්වරුවේ ආරම්භ වූ තරගයේ කාසිය වාසිය හිමිකරගත් Western Warriors නායක තිසර පෙරේරා පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ඒ අනුව සිය ඉනීම ඇරඹූ Northern Warriors කණ්ඩායමේ පිතිකරුවන්ට කිසිවෙකුට ලකුණු 40 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශෙහාන් ප්‍රනාන්දු පන්දු 34ක් තුළදී හතරේ පහර 4ක් එල්ල කරමින් නොදැවුනු ලකුණු 39ක් රැස්කිරීමට සමත් විය.

Northern Warriors කණ්ඩායමේ අත්දැකීම් බහුල ක්‍රීඩකයන් තිදෙනා වූ සීක්කුගේ ප්‍රසන්න, අශාන් ප්‍රියන්ජන් හා මිලින්ද සිරිවර්ධන ලකුණු 10 සීමාව ඉක්මවන්නට අසමත් විය. ඒ අනුව නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 142ක් රැස්කිරීමට Northern Warriors කණ්ඩායමට හැකිවිය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක නුවන් ප්‍රදීප් ලකුණු 38කට කඩුලු 3ක් දවාගැනීමට සමත් විය.

ලකුණු 143ක ඉලක්කය හබායාමට පිටියට පිවිසි Western Warriors පිතිකරුවන්ට අද දිනයේදී සාර්ථක වන්නට නොහැකි විය. තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක උපුල් තරංග ලකුණු 10කට කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකරගන්නට ගයාන් චන්ද්‍රබෝස් සමත් විය. Western Warriors කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකුටම ලකුණු 5 සීමාව පසු කරයන්නට Northern Warriors පන්දු යවන්නන් ඉඩනොතැබූහ.

ඒ අනුව පන්දුවාර 16 එක් පන්දුවක් අවසානයේදී  Western Warriors කණ්ඩායමේ සියලු ක්‍රීඩකයන් ලකුණු 78කට දැවීගියහ. ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ නායක තිසර පෙරේරා පන්දු 19කදී ලකුණු 21ක් රැස්කිරීමට සමත් විය. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ගයාන් චන්ද්‍රබෝස් සිය පන්දුවාර 4 තුළදී ලකුණු 16කට කඩුලු 4ක් දවාගැනීමට සමත් විය. මීට අමතරව Northern Warriors කණ්ඩායම වෙනුවෙන් අශාන් ප්‍රියන්ජන් කඩුලු 3ක්ද සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2ක්ද බිදහෙලීය. ඒ අනුව දෙවන වරට පැවති යුධහමුදාපති කුසලාන තරගාවලියේ ජයග්‍රහණය හිමිකරගැනීමට සීක්කුගේ ප්‍රසන්න ප්‍රමුඛ Northern Warriors කණ්ඩායමට අද දිනයේදී හැකිවිය.

Northern Warriors : 142-7 (20.0)
ශෙහාන් ප්‍රනාන්දු* 39(34), පැතුම් කුමාර 35(32), අශාන් රන්දික 23(17)
නුවන් ප්‍රදීප් 3/38, මහේෂ් තීක්ෂණ 1/15

Western Warriors : 78-10 (16.1)
තිසර පෙරේරා 21(19), මල්ක මධුසංඛ 20(16)
ගයාන් චන්ද්‍රබෝස් 4/16, අශාන් ප්‍රියන්ජන් 3/23, සීක්කුගේ ප්‍රසන්න 2/10

Northern Warriors කණ්ඩායමට ලකුණු 64ක විශිෂ්ට ජයක්.

 

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top