සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර පස්වන හා අවසන් 20-20 තරගය අද ඕක්ලන්ඩ් නුවර ඊඩ්න් පාර්ක් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි..
වර්ෂාව හේතුවෙන් තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට නොහැකි වූ අතර එක් පිළකට පන්දුවාර 11 බැගින් ලෙස තරගය පසුව ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගෙන ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට අවස්ථාව ලබාදුන් නවසීලන්තය සිය පන්දුවාර 11 අවසානයේදී කඩුලු 5ක් දැවී ළකුණු 146ක දැවැන්ත ළකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය.
මෙහිදී නවසීලන්තය වෙනුවෙන් වේගවත් ළකුණු 50ක ලබා ගැනීමට මාර්ටින් ගප්ටිල් සමත්වූ අතර කොලින් මුන්රෝ ළකුණු 46ක් ලබා ගැනීමට සමත්විය..
පිළිතුරු ඉනීම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්තයේ ප්‍රථම කඩුලු දෙක ළකුණු 9ක් තුළ බිදවැටුණු අතර සිව්වන කඩුල්ල වෙනුවෙන් පන්දු 24ක් තුළ ලකුණු 61ක සම්බන්ධතාවක් එක් කළ ජොනී බෙයාස්ටෝ හා සෑම් කරන් එංගලන්තයට ජයග්‍රහණයක බලාපොරොත්තු එක් කිරීමට් සමත්විය.
තරගයේ අවසන් පන්දුවායේදී ළකුණු 16ක් ලබා ගැනීමට එංගලන්තයේ අභියෝගය වූ අතර ජිමී නීෂම් නවසීලන්තය වෙනුවෙන් පන්දුවාරය ක්‍රියාත්මක කරන ලදි. ඔහුගේ එම පන්දුවාරයේ මුල් පන්දු 3ට ළකුණු 3ක් හා කඩුල්ලක් දවාගත් අතර අවසන් පන්දු 3ට ළකුණු 13ක ඉලක්කයක් හිමිවූ අතර ක්‍රිස් ජෝඩන් ළකුණු 12ක් ලබා ගනිමින් සුපිරි පන්දුවාරයක තරගයක් වෙනුවෙන් දෙපිළේ ළකුණු සංඛ්‍යාව සම කරන ලදි.
සුපිරි පන්දුවාරය
නවසීලන්තය වෙනුවෙන් පන්දු යැවීමේ වගකීම ටීම් සවුති ලබා ගත් අතර එංගලන්තය ආරම්භක පිතිකරු යුගල ලෙස නායක මෝගන් හා බෙයාස්ටෝ පිටියට පිවිසි අතර ඔවුන් එම පන්දුවාරය තුළදී ළකුණු 17ක් ලබා ගැනීමට සමත්විය.
ළකුණු 18ක් ලබා තරගාවලි ජයග්‍රහණයක් වෙනුවෙන් පිළිතුරු ඉනීම ආරම්භ කිරීමට නවසීලන්ත ආරම්භක පිතිකරු යුගල ලෙස කඩුලු රකින ක්‍රීඩක ටිම් හා මාර්ටින් ගප්ටිල් පිටියට පිවිසි අතර කොලින් මුන්රෝ හෝ කොලින් ඩී ග්‍රෑන්ඩ්හෝම් නොපැමිණීම පුදුමයක් විය..
කෙසේවුවද එම සුපිරි පන්දුවාරය තුළදී ළකුණු 8කට නවසීලන්තය ඉනීම සීමා කළ ක්‍රිස් ජෝඩන් එංගලන්තයට 3 -2 ක තරගාවලි ජයක් ලබාදීමට සමත්විය.
තරගයේ වීරයා ජොනී බෙයාස්ටෝ
තරගාවලියේ වීරයා මිචෙල් සැන්ට්නර්
නවසීලන්තය – 146/5 (11.0 Ovs) ගප්ටිල් 50,මුන්රෝ 46 , සකීබ් මොහොමඩ් 1 -20
ENG – 146/7 (11.0 Ovs) බෙයාස්ටෝ 47 , සෑම් කරන් 24 , නීශම් 2 -25
සුපිරි පන්දුවාරය
එංගලන්තය 17 – 0
නවසීලන්තය 8 – 1