සුපිරි පන්දු වාරයේදී ඉන්දියාවට ජය

[vc_row][vc_column][vc_column_text]නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි 20 යි 20 තරගය සුපිරි පන්දු වාරයේදී ජය ගැනීමට ඉන්දියාව සමත් වුණා. තරගය පැවැත්වුණේ හැමිල්ටන්හිදී.

කාසියේ වාසිය දිනූ නවසීලන්තය පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ඉන්දියාවට ලබා දුන්නා. ඉන්දීය ඉනිම ආරම්භ කළේ රෝහිත් ෂර්මා සහ ලෝකේෂ් රාහුල්. ඔවුන් දෙදෙනා කණ්ඩායම වේගවත් ආරම්භයක් ලබා දුන් අතර ගොඩ නැගූ සබධතාව ලකුණු 89 ක්. රෝහිත් ෂර්මා පන්දු 40 කදී 4 පහර 6 ක් සහ 6 පහර 3ක් සමග රැස් කළ ලකුණු සංඛ්‍යාව 65 ක්. ලෝකේෂ් රාහුල් ලකුණු 27 යි. නායක විරාත් කෝලි ලකුණු 38 ක් රැස් කළා. පන්දු යැවීමේදී හමේෂ් බෙනට් ලකුණු 54 කට කඩුලු 3 ක් දවා ගත්තා.

ඉන්දියාව පන්දු වාර 20 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 179 ක්. තරගය ජය ගැනීම සදහා ලකුණු 180 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් දියත් කිරීමට කේන් විලියම්සන් සමත් වුණා. ඔහු පන්දු 48 කදී 6 පහර 6 ක් සහ 4 පහර 8 ක් සමගින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 95 ක්. මාටින් ගප්ටිල් ලකුණු 31 යි.

තරගයේ ජයග්‍රහණය සදහා අවසන් පන්දු වාරයේදී ලකුණු 9 ක් ලබා ගැනීමට නවසීලන්ත කණ්ඩායමට සිදු වුවත් ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 8 ක් පමණයි. ඒ අනුව නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 179 ක් රැස් කළා. පන්දු යැවීමේදී ශාදූල් ධාකූර් සහ මොහොමඩ් ශාමි කඩුලු 2 බැගින් බිද හෙලුවා.

තරගයේදී දෙපිළේ ලකුණු සම වීමෙ හේතුවෙන් ජය පරාජය තීරණය කිරීම සදහා සුපිරි පන්දු වාරය බැගින් දෙපිළටම ලබා දුන්නා. අවසන් වරට පන්දුවට පහරදුන් කණ්ඩායම සුපිරි පන්දු වාරයේදී පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව හිමි වනවා. ඒ අනුව එම අවස්ථාව හිමි වුණේ නවසීලන්තයට. ඔවුන් සුපිරි පන්දු වාරයේදී ලකුණු 17 ක් රැස් කළා. අනතුරුව ඉන්දීය කණ්ඩායම සුපිරි පන්දු වාරයේ අවසන් පන්දුවේදී ජයග්‍රහණය හිමි කරගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහුන් මේ වන විට පැවැති තරග 3 ම ජය ගනිමින් තරගාවලියේ ජයග්‍රහණයද හිමි කර ගෙන තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top