[vc_row][vc_column][vc_column_text]කොළඹ ආනන්ද සහ නාලන්ද විද්‍යාල අතර මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා. තරගය මෙවර සංවිධාන කර තිබුණේ 91 වැනි වරට. තරගය හැදින්වෙන්නේ සුලෝහිත සංග්‍රාමය ලෙසයි.
කොළඹ එස් එස් සී ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නාලන්ද විද්‍යාලය පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 307 ක් ලබා සිටියදී ඉනිමට අත්හිටුවනු ලැබුවා. රවීන් ද සිල්වා නොදැවී ලකුණු 100 යි. රෂාන් දිසානායක නොදැවී ලකුණු 77 ක් රැස් කළා. චමිදු විජේසිංහ ලකුණු 53 ක් රැස් කළා. පන්දු යැවීමේදී දිනෙත් නිස්සංක කඩුලු 2 යි. අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ නාලන්ද විද්‍යාලයට සියලු ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකිවුණේ ලකුණු 150 ක් පමණයි. නෙත්ම කරුණාරත්න ලකුණු 56 යි. ජිතේෂ් වාසල කඩුලු 5 ක් බිද හෙලුවා.
අනතුරුව ඉනිමට පරාජයකින් බේරීම සදහා ආනන්ද විද්‍යාලයට දෙවැනි ඉනිම ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා දුන්නා. එහිදී ආනන්ද විද්‍යාලය සාර්ථක පිතිහරඹයක නිරත වෙමින් තරගය ජය පරාජයෙන් තොරව නිමා කිරීමට සමත් වුණා. ආනන්ද විද්‍යාලය තරගය නිමා වන විට දෙවැනි ඉනිම සදහා කඩුලු 5 ක් දැවී ලකුණු 225 ක් ලබා සිටියා. හංසජ ජයසිංහ නොදැවී ලකුණු 89 යි. කණිෂ්ක රන්තිලකගේ ලකුණු 37 යි. තරගයේ දක්ෂතම පන්දු රකින්නා නාලන්ද විද්‍යාලයේ රනිදු ද සිල්වා.
නාලන්ද විද්‍යාලයේ ජිතේෂ් වාසල දක්තම පන්දු යවන්නා ලෙසත් ආනන්ද විද්‍යාලයේ හංසජ ජයසිංහ දක්ෂතම පිතිකරු ලෙසත් සම්මාන දිනා ගත්තා. තරගයේ වීරයා නාලන්ද විද්‍යාලයේ රවීන් ද සිල්වායි.[/vc_column_text][/vc_column][/vc_row]