[vc_row][vc_column][vc_column_text]සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එක්දින ජාත්‍යන්තර තරගයක් පැවැත්වුණේ 2017 වසරින් පසුවයි. ඒ හේතුවෙන් එම තරගය නැරඹීම සදහා විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටිනු දක්නට ලැබුණා. මේ අතර තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂක පිරිසක් ප්‍රවේශ පත්‍ර කවුළු අසලදී ප්‍රහාරයට ලක් වන ආකාරයක් දක්නට ලැබුණා. මෙම කණගාටුදායක තත්ත්වය කිසිසේත් අනුමත නොකරන බවත්, ක්‍රීඩා විෂය භාර අමාත්‍යවරයා වශයෙන් තමා එය දැඩි ව හෙළා දකින බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසා තිබෙනවා.
ක්‍රීඩාවට ආදරය කරන, ක්‍රීඩකයන්ගේ ප්‍රතිරූපයට ගරු කරන ජනතාවක් සිටින රටක මෙවැනි තත්ත්වයක් ඇතිවීම ඉතා කණගාටුදායක බව ද, මේ සම්බන්ධයෙන් කරුණු සොයා බලා වහාම පරීක්ෂණයක් කර ඒ පිළිබඳ තමා වෙත වාර්තාවක් ලබාදෙන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත තමා විසින් නියෝග කළ බව ද, අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම, මේ පිළිබඳ සැල වූ වහාම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ද, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ද තමා වෙත පුද්ගලිකව ම කතා කළ බව ද, කඩිනමින් මේ පිළිබඳ සොයා බලන ලෙස උපදෙස් ලබාදුන් බව ද අමාත්‍යවරයා සදහන් කර තිබෙනවා. අමාත්‍යවරය සදහන් කරන්නේ මෙම කණගාටුදායක තත්ත්වය සම්බන්ධයෙන් සමස්ත ක්‍රිකට් ලෝලීන්ගෙන් සමාව ඉල්ලා සිටින බවයි. මේ අතර සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැදවමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයේ සභාපති ශම්මි සිල්වා මහතා සදහන් කර තිබෙන්නේ එහි වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය භාර ගන්නා බවයි. ඉදිරියේදී මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට වග බලා ගන්නා බවද ඔහු සදහන් කර තිබෙනවා.[/vc_column_text][/vc_column][/vc_row]