සොනාල් දිනූෂගෙන් ශතකයක්

සංචාරක ඇෆ්ගනිස්තාන ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර සිව්දින නිල නොවන ටෙස්ට් තරගයේ මුලින් පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා පිල පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 327ක් පළමු දිනයේ වාර්තා කිරීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් සොනාල් දිනූෂ නොදැවී ලකුණු 126ක් ලබා දස්කම් දැක්වූ හෙයින් ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ වෙහෙසට පත්ව සිටි අයුරු දක්නට ලැබුණි. අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිසි සොනාල් පන්දු 178කදී හතරේ පහර 13ක් එල්ල කිරීමට සමත් විය. සොනාල් සමඟ 6 වැනි කඩුල්ලට ලකුණු 115ක සබඳතාවක් ගොඩනැගූ විෂාද් රන්දික පන්දු 111කදී හතරේ පහර 8ක් එල්ල කරමින් ලකුණු 63ක් ලබා ගත්තේය. පළමු දිනය නිමාවෙද්දී වනුජ සහන් නොදැවී ලකුණු 34ක් ලබා සිටියේය.

පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද (11) ආරම්භවූ මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පසිඳු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ‘ඒ‘ පිල මුලින් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, ආරම්භක පිතිකරු ළහිරු උදාර ලකුණු 65ක් ලබා ගැනීමට සමතක් විය. ශ්‍රී ලංකා ‘එ්‘ පිලේ පළමු කඩුල්ල ලකුණු 84දී දැවීගිය අතර, අනතුරුව පළමු කඩුලු 4ක් 104කට දවා ගැනීමට ඇෆ්ගනිස්තාන පන්දු යවන්නෝ සමත් වූහ.

හෙට (12) තරගයේ දෙවැනි දිනයයි.

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම කඩුල් 7ක් දැවී ලකුණු 327 (ඕවර් 87)
ඔෂධ ප්‍රනාන්දු 32, ළහිරු උදාර 65, අහන් වික්‍රමසිංහ 27, සොනාල් දිනූෂ නොදැවි 126, විෂාද් රන්දික 63, වනුජ සහන් නොදැවී 34, අතිරේක 17 ( නවීඩ් සද්‍රාන් 52/2, මොහොමඩ් ඉබ්‍රාහිම් 67/1, සූ උර් රහ්මාන් 115/3, කලීල් ගුරුබාස් 59/1)

Back To Top