සෝන්ඩර්ස් සහ පොලිස් කණ්ඩායම් එෆ් ඒ කුසලාන අවසන් තරගයට

[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකා පාපන්දු සංගමය සංවිධාන කරන එෆ් ඒ කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් පූර්ව තරග පසුගියදා කොළඹ තුරග තරග පිටියේදී අවසන් වු‌ණා. පළමු අවසන් පූර්ව තරගය පැවැත්වුණේ සෝන්ඩර්ස් සහ බ්ලූ ඊගල්ස් කණ්ඩයම් අතර.

එහි පළමු අර්ධය නිමා වුණේ ගෝල 2 ට 1 ක් ලෙස සෝන්ඩර්ස් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්. දෙවැනි අර්ධයේදී සෝන්ඩර්ස් කණ්ඩායම තවත් ගෝල 3 ක් වාර්තා කළා. ප්‍රතිවාදීන් එම අර්ධයේදී ගෝල වාර්තා කළේ නැහැ. ඒ අනුව ගෝල 5 ට 1 ක් ලෙස තරගය ජය ගත් සෝන්ඩර්ස් කණ්ඩායම තරගාවලියේ අවසන් තරගයට පිවිසියා. සෝන්ඩර්ස් කණ්ඩායම වෙනුවෙන් එම් එස් එම් කුර්ෂීඩ්, චමත් රෂ්මික, සහ සදරාජ් නිමේස් ගෝල එක බැගින් වාර්තා කළා.එන් සී අබේසේකර ජයග්‍රාහී කණ්ඩායම වෙනුවෙන් ගෝල 2 ක් වාර්තා කළා

දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වුණේ පොලිස් සහ බ්ලූ ස්ටාර් කණ්ඩායම් අතර. තරගයේ පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමට හැකිවුණේ නැහැ. නමුත් දෙවැනි පොලිස් කණ්ඩායම ගෝල 4 ක් වාර්තා කළා.
නමුත් බ්ලූස්ටාර් කණ්ඩායම ලබා ගත්තේ ගෝල 2 ක් පමණයි. ඒ අනුව ගෝල 4 ට 2 ක් ලෙස පොලිස් කණ්ඩායම තරගය ජය ගනිමින් අවසන් තරගයට පිවිසියා. පොලිස් කණ්ඩායම වෙනුවෙන් චාමික කුමාර, එම් ජේ ආර් මොහොමඩ්, චතුර ගුණරත්න හා එස් කේටී සිල්වා ගෝල වාර්තා කළා. පොලිස් හා සෝන්ඩර්ස් කණ්ඩායම් අතර අවසන් තරගය පෙබරවාරි මස 7 වැනිදා කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට නියමිතයි.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top