[vc_row][vc_column][vc_column_text]සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග හෙට පස්වරු 3ට පැවෙත්වෙන රැස්වීමෙන් අනතුරුව එල් පී එල් විසිසයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ඉදිරි කටයුතු සැලසුම් කරන බව තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා පවසයි.
තරගාවලිය හා එක්වීමට බලාපොරොත්තුවෙන් සිටින වීසා අපේක්ෂිත ක්‍රීඩකයන් , නිෂ්පාදන කණ්ඩායම් සහා සෙසු පාර්ශ්වයන් 140කගේ ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මීට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත යොමුකර තිබුනත් එයට නිසි අනුමැතිය හිමිව නැත.
නියමිත දිනයට තරගාවලිය ආරම්භ කිරීමට නම් සියලු වීසා අපේක්ෂ්තයන් 3වෙනිදා මෙරටට පැමිණිය යුතු වේ. ඒ නිරෝධනය නිරෝධානයවීම වීම සදහාය.
“ක්‍රීඩා ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමග රැස්වීමක් හෙට එනම් 4වනදා පැවෙත් වෙනවා . තරගාවලිය සම්බන්ධයෙන් වන කාරණා එහිදී කථා කරනවා. ඔවුන්ගේ උපදෙස් පරිදි අපි ඉදිරියට කටයුතු කරනවා,” යි තරගාවලියේ අධ්‍යෂක රවීන් වික්‍රමරත්න මහතා වැඩිදුරත් අදහස් දැක්වුහ.
හම්බන්තොට යම් කිසිහෙයකින් පැවැත්වීමට නොහැකි වුහොත් විදෙස් රටක පැවැත්වීමට ඉඩ ඇති බව විශ්වාස ආරංචි මාර්ගයේ අප හට දැනගත හැකිවිය.එසේවුහොත් එය ඩුබායි හී දී පැවැත්වීමට බලාපොරොත්තු වේ.[/vc_column_text][/vc_column][/vc_row]