Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

හර්ෂිතාගේ සියලු උත්සාහයන් ව්‍යාර්ථ කරමින් කොළඹ හා දඹුල්ල අවසන් සටනට සැරසේ

[vc_row][vc_column][vc_column_text]එළඹෙන කාන්තා 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉලක්ක කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගැනීමට දඹුලු කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අද සමත් විය .

පසුගිය දින 3 පුරාවටම කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවැති මූලික වටයේ තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කළ දඔුලු කණ්ඩායම පළමු ස්ථානයට පත්වෙමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත් අතර මහනුවර කණ්ඩායම හා කොළඹ කණ්ඩායම එක් තරගයක් ජය ගෙන එක් තරගයක් පරාජයට පත්ව එක් තරඟයක් විසඳුමක් රහිතව අවසව ප්‍රසාද ලකුණු තුන බැගින් ලබාසිටි අතර දළ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළින් රඳවා සිටි කොළඹ කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය

අද දිනයේ පළමු තරඟය ලෙස පැවති දඔුලු කණ්ඩායම හා ගාල්ල කණ්ඩායම අතර තරඟය තියුණු මුහුණුවරක් ගත් අතර පන්දු තුනක් ඉතිරිව තිබියදී දඹුලු කණ්ඩායම තරගය ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

පළමුව පන්දුවට පහර දුන් ගාල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 7 ක් දැවී ලබා ගත් ලකුණු 105ක් ලබාගත් අතර එය පහසු ඉලක්කයක් ලෙස පෙනුනද හංසිමා කරුණාරත්න ගේ විශිෂ්ඨ ඉනිම නොවන්නට තරඟයේ පහසු ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායමට හැකියාව තිබුණි .

දඔුලු කණ්ඩායමේ ලකුණු පුවරුව ලකුණු ස 53 ක් වන විට මුල් පෙළ පිතිකාරිණියන් 6 දෙනෙකුම දවා ගැනීමට ගාල්ල පන්දු යවන්නියන් සමත්වූ අතර මේ අවස්ථාවේදී සිය වගකීම මැනැවින් හඳුනාගත් හංසිමා කරුණාරත්න ලකුණු 64ක් ලබා ගනිමින් පන්දු තුනක් ඉතිරිව තිබිය දී කඩුලු 3ට ජයග්‍රහණයක් දඔුලු කණ්ඩායමට ලබා දීමට සමත් වූවාය. පන්දු 54කින් වාර්තා වූ ලකුණු 64 ට කරුණාරත්න විසින් හතර පාර හතරේ පහර 4ක් හා හයේ පහර 3ක් අන්තර්ගත කොට තිබුණි. ගාල්ල කණ්ඩායම වෙනුවෙන් පිත්තෙන් දක්ෂතා දැක්වීමට සමත්වූ එකම පිතිකාරිණිය බවට පත්වූයේ අනුෂ්කා සංජීවනී පන්දු 45 කදී ලකුණු 44 ක් ලබා ගත්තාය.

ගාල්ල 105 – 7 (20) අනුෂ්කා සංජීවනී 44, ශශිකලා සිරිවර්ධන 14/2

දඹුල්ල 106 -7 (19.3) හංසිමා කරුණාරත්න 64, නිලූකා කුෂාන්ති 10, උදේශිකා ප්‍රබෝධනී 15/2

තරඟාවලියේ තීරණාත්මක තරගයක් ලෙස අද සවස පැවති තරඟය ජයග්‍රහණය කිරීමට එතෙක් කිසිදු ජයග්‍රහණයක් ලබා නොසිටි කොළඹ කණ්ඩායම සමත්විය. මෙම පරාජයත් සමග තරඟාවලි පෙරළිකාර කණ්ඩායමක්වූ හර්ෂිතා මාධවීගේ නායකත්වය දරණ මහනුවර කණ්ඩායමට අවසන් මහා තරඟයේ දොරටු විවර නොවිය.

මෙම තරයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් කොළඹ පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 163 ක දැවැන්ත විශාල ලකුණු සංඛ්‍යාවක් ලබා ගැනීමට සමත්විය. මෙහිදී කොළඹ කණ්ඩායම වෙනුවෙන් කැපී පෙනුණු හසිනි පෙරේරා පන්දු 44 කට මුහුණ දෙමින් වේගවත් ලකුණු 60 ක් ලබා ගැනීමට සමත්වූවාය. ඊට ඇය හයේ පහර 2 ක් හා හතරේ පහර 8 ක් සිය ඉනිමට ඇතුළත් කිරීමට ඇය සමත්වූවාය. නායිකා ඕෂධී රණසිංහ හා ඩිලානි මනෝදරා සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 58ක් පන්දු 36කදී එක් කරන ලදි.

ලකුණු 164ක ජයග්‍රාහී ළකුණු සංඛ්‍යාවක් හඹාගිය මහනුවර කණ්ඩායම පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී ලකුණු 114 ක් පමණක් ලබා ගනිමින් ලකුණු 49 ක පරාජයක් කොළඹ කණ්ඩායමේ ඉදිරියේ ලබා ගැනීමට සිදුවිය. ප්‍රථම කඩුලු 3 ලකුණු 19 ක් තුළදී බිඳ වැටී මහනුවර කණ්ඩායමට දැඩි අසීරු අඩියක සිටින විට සිව්වන කඩුල්ල වෙනුවෙන් නායිකා හර්ෂිතා මාධවී සහ කවීෂා දිල්හාරි පන්දු 34 කදී ළකුණු 44 ක් ලබා වැටී සිටි අසීරු තත්ත්වයෙන් මහනුවර පිල ගොඩ ගැනීමට වෑයම් කළහ.

සමස්ථ තරගාවලියේම පිත්තෙන් කැපී පෙනුණු දක්ෂතා දැක්වූ මහනුවර කණ්ඩායමේ නායිකා හර්ෂීතා මාධවී අද තරගයේදීද අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත්වූවාය.

මෙම අර්ධ ශතකය මෙම තරගාවලියේදී ඇය වාර්තා කරන ලද දෙවැනි අර්ධ ශතකය විය. පන්දු 41 කදී වාර්තා වුණු හර්ෂිතාගේ ලකුණු 52 ට පහර 7 ක් එල්ල කළාය. ඒ අනුව ඇය මෙම තරගාවලියේ තරග 3 කට සහභාගිවී මුළු ලකුණු 154 ක් රැස් කිරීමට සමත්ව සිටින්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 77ක් ලෙස ඉහළ අගයක රඳවා තබා ගනිමිනි.

මහනුවර කණ්ඩායම අසරණ කරමින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරතවූ සඳුනි නිසංසලා ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගනිද්දී, ඕෂධී රණසිංහ ලකුණු 19 කට කඩුලු 2 ක් සහ අමා කාංචනා ලකුණු 15 කට කඩුලු 2 ක් දවා ගැනීමට සමත්විය.

මේ අනුව දඹුල්ල කණ්ඩායම හා කොළඹ කණ්ඩායම අතර අවසන් මහා තරගය හෙට පෙ.ව. 9.30 ට කොළඹ එස්. එස්. සී. පිටියේදී ආරම්භවීමට නියමිතය.

කොළඹ 163 – 4 (20) හසිනි පෙරේරා 60, ඩිලානි මනෝදරා 45, ඕෂධී රණසිංහ 33* 23, තාරුකා ෂෙහානි 12/1

මහනුවර 114 – 10 (19.5) හර්ෂිතා මාධවී 52 , සඳුනි නිසංසලා 16/3, ඕෂධී රණසිංහ 19/2, අමා කාංචනා 15/2

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top