හර්ෂිතා මාධවීගේ නායකත්වයේ ඉනීම ශ්‍රී ලංකාවට ජය ගෙනෙයි

[vc_row][vc_column][vc_gallery interval=”3″ images=”32419,32420,32421,32422″][vc_column_text]ශ්‍රී ලංකා කාන්තා නැඟී එන කණ්ඩායම හා බංගලදේශ කාන්තා නැගී එන කණ්ඩායම අතර කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති එක්දින ජාත්‍යන්තර තරගයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කඩුලු 4ක ජයග්‍රහණයක් හිමිවිය.

තරගයේ කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බංගලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 48.3කදි සියල්ලන්ම දැවී ලබා ගත්තේ ළකුණු 127ක් පමණි. මෙහිදී මොස්ට්‍රි පමණක් සාර්ථක වෙමින් ළකුණු 29ක් ලබා ගැනීමට සමත් විය.. පන්දු යැවීමේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්හාරි කඩුලු 3ක් හා තිමාෂිනී කඩුලු 2ක් දවා ගනිමින් සාර්ථක පන්දු යැවීමක නිරත විය.

පිළිතුරු ඉනීම ආරම්භ කළ ශ්‍රී ලංකා කාන්තා නැගීඑන කණ්ඩායමේ නායක හර්ෂිතා හා තිමාෂිනී තෙවන කඩුල්ලට එක් කළ ලකුණු 53ක සම්බන්ධතාවය හේතුවෙන් පන්දුවාර 33.4කදී කඩුලු 6ක් පමණක් බිදවැටී ජයග්‍රාහි ඉලක්ක පසු කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත්විය..
නායකත්වයේ ඉනීමක් දියත් කළ හර්ෂිතා මාධවී ළකුණු 53ක් ලබා ගැනීමට සමත්විය.

බංගලාදේශ කාන්තා නැගී එන කණ්ඩායම 127 – 10 මොස්ට්‍රි 29 ඩිල්හාරි 3 -18 , තිමාෂිනි 2 – 14

ශ්‍රී ලංකා කාන්තා නැගී එන කණ්ඩායම 128 – 6 (33.4) හර්ෂිතා මාධවී 53 , නහිදා අක්තර් 3 -41

අනික් තරගයේදී ඉන්දීය නැගී එන කාන්තා කණ්ඩායම හමුවේ පාකිස්ථාන කාන්තා නැගී එන කණ්ඩායම පරාජයට පත්විය.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top