Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

ළහිරු උදාරගෙන් තවත් ශතකයක් !

[vc_row][vc_column][vc_column_text]අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 8 අතර තරග වටයේ තෙවැනි සතියේ පළමු දිනට තරග නිමා කරන විට කණ්ඩායම් 3 ක් ලකුණු 300 සීමාව ඉක්මවා ලකුණු රැස් කර ගැනීමට සමත්වූහ. එන්. සී. සී., බී. ආර්. සී. සහ කෝල්ට්ස් කණ්ඩායම් ලකුණු 300 සීමාව ඉක්මවා ගිය කණ්ඩායම් වූ අතර රාගම කණ්ඩායම ලකුණු 300 සීමාව ආසන්නයට එහෙවත් කඩුලු 5 ක් දැවී ලකුණු 294 ක් දැවී දෙවැනි දිනටත් පන්දුවට පහර දීමේ බලාපොරොත්තුවෙන් පසුවේ.

අද පැවැති තරග අතුරින් එන්. සී. සී. කණ්ඩායමේ ළහිරු උදාර ශතකයක් ලබා ගැනීමට සමත්වීම කැපී පෙනුණි. එන්. සී. සී. පිලේ වැඩිම බලාපොරොත්තුවක් සහිත පිතිකරුවා වන මෙම දකුණත් පිතිකරුවා සිය ඉනිම සඳහා පන්දු 165 කට මුහුණ දුන් අතර එහිදී හතරේ පහර 16 කින් තම ඉනිම වර්ණවත් කර ගත්තේය. තරගාවලියේ ද්විත්ව ශතක රැස් කරන ලද පිතිකරුවන් අතර සාමාජිකයකු වූ ළහිරු සුපිරි කණ්ඩායම් 8 තරග වටය අරඹමින් යුද හමුදාවට එරෙහිව ලකුණු 105 ක්ද බී. ආර්. සී. පිලට එරෙහිව අවසන් සතියේ පැවැති තරගයේදී පළමු ඉනිමේ ලකුණු 90 ක් සහ දෙවැනි ඉනිමේදී ලකුණු 93 ක් රැස් කිරීමට සමත්වූවේය.

එන්. සී. සී. යෙන් සැර ආරම්භයක්

ළහිරු උදාරගේ ශතකයෙන් පෝෂණය වුණු එන්. සී. සී. පිල දිනය අවසන් වන විඩ කඩුලු 5 කට ලකුණු 341 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. මහේල උඩවත්තගේ ලකුණු 77 ත් දිනය හමාර වන විට කඩුල්ලේ රැඳී සිටි චතුරංග ද සිල්වාගේ ලකුණු 88 ත් එන්. සී. සී. ඉනිමට ශක්තියක් විය.

එන්. සී. සී. පන්දුවාර 89 කදී කඩුලු 5 ට ලකුණු 341 යි – (ළහිරු උදාර 111, මහේල උඩවත්ත 77, උපුල් තරංග 16, චතුරංග ද සිල්වා 88* , සහන් ආරච්චිගේ 35*, ළහිරු ගමගේ 35/2)

බී.ආර්.සී. – සැරසන්ස්

බී.ආර්.සී. පළමු ඉනිම පන්දුවාර 90 කදී කඩුලු 6 ට ලකුණු 319 යි – (ශානුක දුලාජ් 94, නිසල් ෆ්‍රැන්සිස්කෝ 52, දේශාන් ඩයස් 39, භානුක රාජපක්ෂ 33, ඩිල්ශාන් ද සොයිසා 26, රමින්ද විජේසූරිය 64* සචින්ත පීරිස් 83/2)

කෝල්ට්ස් – හලාවත මේරියන්ස්

කෝල්ට්ස් පන්දුවාර 72 කදී ලකුණු 302 යි – (සංතුෂ් ගුණතිලක 74, සංගීත් කුරේ 38, ඩිල්රුවන් පෙරේරා 58, අකිල ධනංජය 51*, නිපුන් මාලිංග 13, සධීර සමරවික්‍රම 12, අසිත ප්‍රනාන්දු 87/5, තික්ෂිල ද සිල්වා 65/2, ෂෙහාන් ජයසූරිය 54/2)

හලාවත මේරියන්ස් පන්දුවාර 11 කදී කිසිවකු නොදැවී ලකුණු 53 යි – (ලසිත් කෲස්පුල්ලේ 38*, ඕෂධ ප්‍රනාන්දු 12*)

රාගම සහා යුධ හමුදා පිල

රාගම පළමු ඉනිම පන්දුවාර 90 කදී 294/5 යි – (සමින්ද ප්‍රනාන්දු 92, රොෂේන් සිල්වා 80, නිශාන් මදුෂ්ක 56, ජනිත් ලියනගේ 20*, උදාර ජයසුන්දර 17, ඉෂාන් ජයරත්න 17)[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top