ෆ්‍රැන්චයිස් ක්‍රිකට් මඩවන්නට එංගලන්ත ක්‍රිකට් බලධාරීන් සැරසෙයි.

[vc_row][vc_column][vc_column_text]

එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් පෙර නොවූ විරූ අයුරින් තුන් අවුරුදු කොන්ත්‍රාත්තුවක් ක්‍රීඩකයන් වෙත ලබාදීමට තීරණය කොට ඇත. ඒ එංගලන්ත කණ්ඩායම සතු හොඳම ක්‍රිකට් ක්‍රීඩකයින් ලබාගැනීමට ෆ්‍රැන්චයිස් කණ්ඩායම්වලින් එල්ල වන තර්ජනය මැඩපැවැත්වීම සඳහා ය.

මෙය මින් පෙර වසරක් පමණක් අන්තර්ගත වූ පෙර පැවති මධ්‍යම කොන්ත්‍රාත් ව්‍යුහයේ ප්‍රතිසංස්කරණයක් වන අතර, IPL හිමිකාරිත්වය ලොව පුරා අනෙකුත් T20 තරඟවලට ව්‍යාප්ත වී ඇති අවස්ථාවක, වසර පුරා ඔවුන්ගේ අරමුණු සඳහා පමණක් ක්‍රීඩකයින් එක් කොට ගැනීමේ ප්‍රයන්තය වළක්වා ලීමේ අරමුණින් මෙය ක්‍රියාත්මක කරනු ඇත.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ලබා දුන් කොන්ත්‍රාත්තු 18 මෙමගින් වැඩි කොට ඇති අතර නව ක්‍රමය යටතේ කොන්ත්‍රාත්තු 26 ක් ලබා දී ඇත. එම කොන්ත්‍රාත්ට්තු 26 න්, 20 ක් පමණ වසර 3ක ඒවා වන අතර, බෙන් ස්ටෝක්ස්, හැරී බෲක් සහ මාර්ක් වුඩ් ඇතුළු ප්‍රමුඛ පෙළේ ක්‍රීඩකයින් මෙම වසර 3හි ගිවිසුම ලබාගැනීමට සූදානමකින් පසුවෙයි.

ජොනී බෙයාර්ස්ටෝහට වසර දෙකක කොන්ත්‍රාත්තුවට ඇතුළත් වන අතර Jack Leach වැනි ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තුළ නොමැති අය සහ ජේම්ස් ඇන්ඩර්සන් වැනි ඔවුන්ගේ ක්‍රීඩා දිවියේ අගභාගයේ සිටින ක්‍රීඩකයන්ටට වසරක කොන්ත්‍රාත්තුවක් පිරිනැමෙයි. මෙම වසරේදී ඔවුන්ගේ ජාත්‍යන්තර මංගල ක්‍රීඩා කළ Josh Tongue සහ Gus Atkinson වැනි තරුණ ඉක්මන් ක්‍රීඩකයින් සමගින් මෙම වසර 3හි ගිවිසුම් අත්සන් කිරීමට අපේක්ෂා කෙරේ. තවද 28 හැවිරිදි ජොෆ්රා ආචර් වසර තුනක කොන්ත්‍රාත්තුවට නිසැකවම ඇතුළත් කිරීමට නියමිත බව වාර්තා පළවෙයි. ඔහු පූර්ණ කාලීනව සිය ෆ්‍රැන්චයිස් කණ්ඩායම් වලට එක් කොට ගැනීමට මුම්බායි ඉන්දියන්ස් අවධානය යොමු කොට තිබීම හමුවේ මෙය සිදුවීමට වැඩි ඉඩක් පවතී.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top