ෆාෆ් ඩූ ප්ලෙසිස් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි

[vc_row][vc_column][vc_column_text]දකුණු අප්‍රිකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ෆාෆ් ඩූ ප්ලෙසිස් වහාම ක්‍රියාත්මක වන පරිදි එක්දින , 20 යි 20 සහ ටෙස්ට් යන අංශ තුනෙහිම නායකත්වයෙන් ඉවත් වී තිබෙනවා. කෙසේ වෙතත් ඔහු ඉදිරියේදී මෙම අංශ තුනෙහිදීම දකුණු අප්‍රිකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. නායකත්වෙන් ඉවත් වීම කෙරෙහි අදහස් දක්වමින් ප්ලෙසිස් කියා සිටින්නේ නව නායකයෙකුට එම වගකීම ලබා දීමට මේ වන විට සුදුසු කාලය එලැබ ඇති බවයි.

පසුගිය එංගලන්ත තරග සංචාරයේදී දකුණු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම තාවකාලිකව ක්වින්ටන්  ඩි කොක් වෙත ලබා දීමට දකුණු අප්‍රිකා ක්‍රිකට් බලධාරීන් තීරණය කළා. ඒ එම තරගාවලියේදී ෆාෆ් ඩූ ප්ලෙසිස් විවේක ගැන්වීම හේතුවෙන්. දකුණු අප්‍රිකා ක්‍රිකට් ආයතන අධ්‍යක්ෂ ග්‍රැහැම් ස්මිත් පවසා ඇත්තේ ක්වින්ටන් ඩි කොක් කණ්ඩායමේ ස්තිර නායකයා ලෙස සලකන බවයි.

ෆාෆ් ඩූ ප්ලෙසිස් ටෙස්ට් ක්‍රිකට් තරග 36 කදී කඩුලු අප්‍රිකා කණ්ඩායම මෙහෙයවා තිබෙනවා. ඉන් තරග 18 ක් දකුන අප්‍රිකකාව ජය ගත් අතර තරග 15 ක් පරාජය වුණා. එක්දින තරග 39 කදී ඔහු තරග 28 ක් ජයග්‍රහණය කරා මෙහෙයවා තිබෙනවා. පරාජය වී තිබෙන්නේ තරග 10 ක් පමණයි. 20 යි 20 තරග 37 කට ප්ලෙසිස් නායකත්වය ලබා දුන් අතර ඉන් තරග 23 ක් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කළා. පරාජය වුණේ තරග 13 ක් පමණයි. ඔස්ට්‍රේලියාවට එරෙහිව තම රටේදි සහ රටින් පිටතදී එක්දින සහ ටෙස්ට් තරගාවලි ජය ගැනීම සදහා නායකත්වය දුන් එකම දකුණු අප්‍රිකා නායකයා වන්නේද ෆා‌ෆ් ඩූ ප්ලෙසිස්.[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top