Headline
#INDvSL |Sri Lanka Vs India 2nd Test Day 2 Photo’s
‍‍ජාතික ලීග් කාන්තා බේස් බෝල් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා යුද හමුදාවට
තේරීම් කමිටුවෙන් පුහුණුකරු ධූරයට මාරු වූ දිල්රුවන්
ශාරුජන් ශංමුගනාදන් අගනා ශතකයක්
වයස අවුරුදු 19 න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමට රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට
ශ්‍රී ලංකාව පරදා දකුණු අප්‍රිකාව ට පළමු තරගය පහසු ජයක්
තුන්වැනි එක් දින තරගය ජය ශ්‍රී ලංකා වයස අවුරුදු 17 න් පහළ ක්‍රිකට් කණ්ඩායමට
පොදු රාජ්‍ය මණ්ඩලයීය කරාතේ තරගාවලියේදී රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම්
ඩර්බන්හි කිංග්ස් මීඩ් ක්‍රීඩාංගනයේදී පිතිකරුවන් අසරණ වෙයි
ආයතන තුළ සිදුවන වංචා, දූෂණ කෙළින්ම අපිට කියන්න – ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ

15වන ලෝක කායවර්ධන සහ පිසික් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් ප්‍රභල කණ්ඩායමක්

15වන ලෝක කායවර්ධන සහ පිසික් ශූරතා තරගාවලිය නොවැම්බර් මස 5වනදා සිට 11වනදා දක්වා මාලදිවයිනේදී පැවැත්වෙයි. මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනෙකු සහභාගි වීමට නියමිතය.

2022 වසරේදී 13 වන ලෝක කායවර්ධන සහ පිසික් තරගාවලියේ සෙන්ටිමීටර් 175ට වැඩි කාණ්ඩයේ රන් පදක්කම දිනූ හර්ෂ පීරිස් මෙවර තරගාවලිය වෙනුවෙන් ද සහභාගි වෙයි.

පසුගිය වසරේ පැවති 14වන ලෝක කායවර්ධන හා පිසික් තරගාවලියේ කිලෝග්‍රෑම් 75ට වැඩි බරපන්තියේ කණිෂ්ඨ අංශයේ රිදී පදක්කම දිනූ තෙනුර ලක්ෂේන් සහ 13වන දකුණු ආසියානු කායවර්ධන සහ පිසික් තරගාවලියේ සෙන්ටිමීටර් 180ට් වැඩි කාණ්ඩයේ රිදී පදක්කම දිනූ ශනිල්ක පෙරේරා ද මෙවර ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් ය.

55වන ආසියානු කායවර්ධන සහ පිසික් තරගාවලියේ කාන්තා සෙන්ටිමීටර් 165ට වැඩි කාණ්ඩයේ රිදී පදක්කම් ලාභිනිය වූ හසිනි හේවගේ, 56වන ආසියානු කායවර්ධන සහ පිසික් ශූරතාවලියේ කාන්තා සෙන්ටිමීටර් 170ට වැඩි කාණ්ඩයේ සිව්වන ස්ථානය දිනූ නිසංසලා මධුමාලි සහ එම තරගාවලියේ ම සෙන්ටිමීටර් 165ට වැඩි කාණ්ඩයේ ලෝකඩ පදක්කම දිනූ මධුෂානි අමරසිංහ මෙවර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් තරග බිමට අවතීර්ණ වීමට නියමිතය.

එමෙන්ම වයස අවුරුදු 55-60 කාණ්ඩයේ මාස්ටර් ශූරතාවය වෙනුවෙන් ද මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෙකු සහභාගි වීමට නියමිතය. 56 හැවිරිදි වියෙහි පසුවන නිමල් වන්නිආරච්චි මෙවර තරගාවලිය වෙනුවෙන් එක් වන්නේ පළමු වරටයි.

Back To Top