Headline

17 පහල ක්‍රිඩකයන් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරයි

ශ්‍රී ලංකා සහ බංග්ලාදේශ වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම් අතර පැවති පළමු තුන් දින ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුණා.
තරගය පැවැත්වුණේ ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

තරගයේ පළමු ඉනිමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් කඩුලු 8 ක් දැවී ලකුණු 285 ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.
බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 252 යි.

අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කඩුලු හතක් දැවී ලකුණු 317 ක් රැස්කළා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ නායක කිත්ම විදානපතිරණ ලකුණු 164 යි. තරගය අවසන් වන විට සිය දෙවන ක්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලු 4 ක් දැවී ලකුණු 51 ක් ලබා සිටියා.

Back To Top