19න් පහල යෞවනයන් වෙලඳ සේවා තරගාවලියේ පළමු ජය වාර්තා කරයි!

[vc_row][vc_column][vc_column_text]27වන වෙළඳ සේවා තරගාවලියේ තෙවන තරඟ දිනය ලෙස අද දින කොලඹ ක්‍රීඩාංගණ තුනකදී තරග තුනක් පැවත්විනි. තරගාවලියේදෙවන තරඟ දිනයේ පැවති තරඟ තුනටම වර්ෂාවෙන් බාධා වී තරඟ තුනම තීරණයකින් තොරව අත් හැර දැමීමට සිදූ අතර අද දින තරගපැවති තුනම යහපත් කාලාගුණයක් යටතේ පැවත්විනි.

19න් පහළ කණ්ඩායම vs ඩීමෝ කණ්ඩායම

පළමු තරගයෙන් පරාජයට පත් වූ සහ දෙවන තරගයේන් වර්ෂාව නිසා තීරණයක් නොලද ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම තරඟාවලියේ ප්‍රථමජයග්‍රහණය වාර්තා කිරීමට අද දින සමත් වූයේ ඩීමෝ කණ්ඩායම කඩුලු 6කින් විශිෂ්ට ලෙස පරාජයට පත් කරමිනි.

කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඩීමෝ කණ්ඩායමට ලකුණු 150 සීමාවවත් පසු කිරීමට ඉඩ ලබා නොදුන් 19න් පහලයොවුන් කණ්ඩායම සියලු දෙනාම පන්දුවාර 33යි පන්දු 5කදී ලකුණු 135කට දවා ගැනීමට සමත් විය.

එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ පිට දග පන්දු යවන ක්‍රීඩක අවිශ්ක ලක්ෂාන් ලකුණු 22කදී කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය.

133ක ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය යොවුන් පිල ඉතා පහසුවෙන් පන්දුවාර තිහකදී කඩුලු 4ක් පමණක් දැවී තරගය ජයග්‍රහණය කිරීමටසමත් විය.

ලකුණු සටහන

ඩීමෝ කණ්ඩායම – 134 ( 33.5)

තික්ශිල ද සිල්වා 27

අවිශ්ක ලක්ෂාන් 4/22 , දිලුම් සුදීර 2/20, මතීශ පතිරණ 2/31

යොවුන් කණ්ඩායම 134/4 (29.5)

සොනාල් දිනූශ 43, තවීශ අභිශේක් 36 , නිසල තාරක 3/30

ජෝන් කීල්ස් vs LB ෆයිනෑන්ස්

කොලඹ BRC පිටියේ පැවති මෙම තරගයේ LB ෆයිනෑන්ස් කණ්ඩායමේ දඟ පන්දු යවනන්ගේ සුපිරි පන්දු යැවීම හමුවේ අසරණ වූ ජෝන්කීල්ස් කණ්ඩායම ලකුණු 89කට සීමා වීමට සිදු විය. එය මෙම තරගවාරයේ වාර්තා වූ අඩුම ලකුණු ප්‍රමාණයයි.

ලකුණු 90ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹා ගිය LB ෆයිනෑන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් යුගල වූ සදීර සමරවික්‍රම සහලක්ෂාන් රොද්‍රිගෝ පන්දුවාර 10කින් ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත් විය.

ලකුණු සටහන

ජෝන් කීල්ස් කණ්ඩායම – 89 ( 30.2)

මිනෝද් භානුක 26, දිමුත් කරුණාරත්න 20

චරිත් අසලංක 3/ 20 ධනංජය ද සිල්වා 2/21 කවික දිල්ශාන් 2/22

LB ෆයිනෑන්ස් කණ්ඩායම 93/0 ( 10.4)

ලක්ෂාන් ‍රොද්‍රිගු 52* , සදීර සමරවික්‍රම 35*

හේලිස් කණ්ඩායම vs සම්පත් බැංකු කණ්ඩායම

සරා ඕවල් පිටියේ පැවති මෙම තරගයෙන් සම්පත් බැංකු කණ්ඩායම තරගාවලියේ සිය පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වූයේඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15ක ජයක් හේලිස් කණ්ඩායමට එරෙහිව වාර්තා කිරීමෙනි.

හේලිස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් අතර ඔවුන්ට රැස්කරගත හැකි වූයේ පන්දුවාර 37කදී ලකුණු 137ක් පමණි. කණ්ඩායමටඑකම සාර්ථක දායකත්වය ලබා දුන් ලහිරු තිරිමාන්න ලකුණු 41ක් රැස් කල අතර අනෙක් පිතිකරුවන් සියල්ල්ලම පාහේ අසාර්ථක විය.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කල සම්පත් බැංකු කණ්ඩායම අයහපත් ආලෝක තත්වය නිසා තරගය අත් හිටුවනවිට

පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් රැස් කරගෙන සිටියේය.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 15ක් ඉදිරයෙන් සිටි සම්පත් බැංකු කණ්ඩායට ඒ අනුව තරගයේ ජයග්‍රහණය හිමි විය.

ලකුණු සටහන

හේලිස් කණ්ඩායම – 137 ( 37.4)

ලහිරු තිරිමාන්න 41, බිනුර ප්‍රනාන්දු 20

මලින්ද පුශ්පකුමාර 3/24, තරිඳු කෞශාල් 2/16,විශ්ව ප්‍රනාන්දු 2/21

සම්පත් බැංකු කණ්ඩායම 122/6 ( 34)

නිසල් ප්‍රනාන්දු 21*,බිනුර ප්‍රනාන්දු 2/21[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top