19 වනදා මොකද වෙන්නෙ ?

[vc_row][vc_column][vc_column_text]2020 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාලව පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසිය දෙසැම්බර් මස 19 වනදා කොල්කටා හිදී ශ්‍රී ලංකාවේ වේලාවින් සවස 3ට ආරම්භ වීමට නියමිතය. පුරා පැය 6ක කාලයක් පුරා මෙය ක්‍රියාත්මක වනු ඇතිබවට උපකල්පනය කොට, මෙම ක්‍රීඩක වෙන්දේසිය සදහා මද විවේක කාල 4ක් හා විනාඩි 20ක නැවතුමක් සමගින් වෙන්දේසිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත .

මෙවර ක්‍රීඩක වෙන්දේසිය සදහ ක්‍රීඩකයන් 332කුගේ නම් ඉදිරිපත් වී ඇති අතර ඔවුන් අතරින් ක්‍රීඩකයන් 73 දෙනෙකු තෝරා ගැනීමට නියමිත වේ. එම ක්‍රීඩකයන් 73 දෙනා අතර ඉන්දීය ක්‍රීඩකයන් 44 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් 29 දෙනෙකුට ඉඩකඩ විවරවී ඇත.

එක් කණ්ඩායමකට සිටිය හැකි උපරිම ක්‍රීඩකයන් සංඛ්‍යාව 25ක් වන අතර එම ක්‍රීඩකයන් 25 දෙනා අතර සිටිය හැකි උපරිම විදෙස් ක්‍රීඩකයන් ගණන 08 දෙනෙකි.

මෙවර එක් එක් කණ්ඩායම් වලට ක්‍රීඩක වෙන්දේසියේදී මිලදී ගත හැකි ක්‍රීඩකයන් ගණන හා වියදම් කළ හැකි මුදල පහත පරිදි වේ.

1. චෙන්නායි සුපර් කිංග්ස්

ක්‍රීඩකයන් 05 දෙනෙකුව වෙන්දේසියේදී මිලදී ගැනීමේ හැකියාව චෙන්නායි කණ්ඩායමට ඇති අතර එම ක්‍රීඩකයන් පස් දෙනා අතරට ඉන්දීය ක්‍රීඩකයන් තිදෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු ඇතුළත් වේ. වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 14.6කි.

2. දිල්ලි කැපිටල්ස්

ඔවුන්ගේ සංචිතයට ක්‍රීඩකයන් 11ක් මිළට ගත හැකි අතර ඒ අතරට ඉන්දීය ක්‍රීඩකයන් 06 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් 05දෙනෙකු ඇතුළත්ය. වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 27.85 කි.

3. කිංග්ස් ඉලෙවන් පංජාබ්

ස්ථාන 9ක් සංචිතයේ හිස්ව පවතින අතර ඉන්දීය ක්‍රීඩකයන් 5 දෙනෙකුට හා විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට පංජාබ් සංචිතයේ අවස්ථාව ඉතිරිව ඇත. වෙන්දේසියේදී වියදම් කළ කල හැකි මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 42.70 කි.

4. මුම්බායි ඉන්දියන්ස්

ස්ථාන 7ක් සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීමට මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම බලාපොරොත්තු වන අතර ඉන්දීය ක්‍රීඩකයන් පස් දෙනෙකුට හා විදෙස් ක්‍රීඩකයන් 2කු හට මුම්බායි සංචිතයේ ඉඩකඩ ඉතිරිව ඇත .වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 13.05 කි.

5. රාජස්ථාන් රෝයල්ස්

රාජස්ථාන් සංචිතය තුල ක්‍රීඩකයන් 11 ක් සඳහා තවමත් ඉඩකඩ වෙන්වී පවතින අතර ඒ තුළ ඉන්දීය ක්‍රීඩකයන් 7 දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් 4 දෙනෙකුට අවස්ථාව හිමිවනු ඇත. වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 28.9 කි.

6. රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර්

ස්ථාන 12ක හිඩැස් පිරවීමේ බලාපොරොත්තුවෙන් ඔවුන් මෙවර වෙන්දේසිය නියෝජනය කරන අතර ඔවුන්හට ඉන්දීය ක්‍රීඩකයන් 6 දෙනකු හා විදෙස් ක්‍රීඩකයන් 6 දෙනෙකු මෙවර වෙන්දේසිය් මිලදී ගැනීමේ හැකියාව පවතී. වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 27.9 කි.

7. සන්රයිසස් හයිද්‍රාබාද්

ක්‍රීඩකයන් හත් දෙනෙකුට ලංසු තැබීමේ හැකියාව ඔවුන් හට හිමිවී ඇති අතර මේ තුළ ඉන්දීය ක්‍රීඩකයන් 5 දෙනකු හා විදෙස් ක්‍රීඩකයන් දෙදෙනෙකු මිලදී ගැනීමේ හැකියාවක් හයිද්‍රාබාද් කණ්ඩායමට ඇත. වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 17 කි.

8. කොල්කටා නයිට් රයිඩර්ස්

ක්‍රීඩකයන් එකොලොස් දෙනෙකු සිය සංචිතයට ලබාගැනීමේ අරමුණින් කොල්කටා කණ්ඩායම් මෙවර වෙන්දේසිය නියෝජනය කරන අතර එම ක්‍රීඩකයන් එකොළොස් දෙනා අතරට ඉන්දීය ක්‍රීඩකයන් හත් දෙනෙකු හා විදෙස් ක්‍රීඩකයන් හතර දෙනකු මිලදී ගැනීමේ හැකියාවක් පවතී. වෙන්දේසියේදී වියදම් කළ හැකි උපරිම මුදල් ප්‍රමාණය වන්නේ ඉන්දීය රුපියල් කෝටි 35.65 කි.

ක්‍රීඩක වෙන්දේසිය එදින දහවල් 2.30 සිට ස්ටාර් ස්පෝට්ස් නාළිකාව හරහා සජීවීව විකාශනය කිරීමට නියමිත වේ.

චානක මධුසාගර[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top